ගීතාවලිය 142:1-7
ගුහාවක හැංගිලා හිටපු කාලේ දාවිත් කරපු යාච්ඤාවක්.+ මස්කිල්.*
142 උදව් ඉල්ලලා මම යෙහෝවාට හඬගසනවා.+මට කරුණාව පෙන්වන්න කියලා මම යෙහෝවාට කන්නලව් කරනවා.
2 මගේ හිතට වධ දෙන හැම දේම මං හංගන්නේ නැතුව ඔහුට කියනවා.මගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කියනවා.+
3 මගේ ශක්තිය නැති වෙලා මං දුර්වල වෙලා ඉද්දීමං යන එන මඟ දිහා ඔබ බලන් ඉන්නවා.+
මං යන එන පාරේඔවුන් මට උගුලක් අටවලා.
4 මගේ දකුණු පැත්ත බලන්න.මං ගැන සැලකිලිමත් වෙන* කවුරුත් නැහැ.+
මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ.+මං ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ.
5 අනේ යෙහෝවා, මං උදව් ඉල්ලන්නේ ඔබෙන්.
මං ඔබට මෙහෙම කිව්වා. “මගේ රැකවරණය ඔබයි.+මේ ලෝකේ මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි.”*
6 දෙවියනි, මං උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.මොකද මම ඉන්නේ හොඳටම අසරණ වෙලා.
මට පීඩා කරන අයගෙන් මාව බේරගන්න.+මොකද ඔවුන් මට වඩා බලවත්.
7 මාව මේ අඳුරු සිරකුටියෙන් නිදහස් කරන්න.එතකොට මම ඔබේ නමට ප්‍රශංසා කරනවා.
ඔබ මට ආදරෙන් සලකන නිසාධර්මිෂ්ඨ අය මාව වට කරගනියි!