ගීතාවලිය 143:1-12

  • වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්න වියළි දේශයක් වගේ මම දෙවියන් ගැන බලන් ඉන්නවා

    • ‘ඔබේ අතින් කරපු දේවල් ගැන මම හිතනවා’ (5)

    • “ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න” (10)

    • ‘ඔබේ බලයෙන් මාව අරන් යන්න’ (10)

දාවිත් රචනා කරපු ගීතයක්. 143  යෙහෝවා දෙවියනි, මගේ යාච්ඤාවට සවන් දෙන්න.+මගේ කන්නලව්වලට ඇහුම්කන් දෙන්න. ඔබ විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මට උත්තර දෙන්න.   අනේ දෙවියනි, ඔබේ සේවකයාට විරුද්ධව නඩුවක් ගොනු කරන්න එපා.මොකද ඔබ ඉස්සරහා නිර්දෝෂව ඉන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ.+   සතුරා මගේ පස්සෙන් පන්නගෙන එනවා.ඔහු මාව බිමට ඇදලා දාලා පාගලා දානවා. කාලෙකට කලින් මිය ගිය අය වගේ මටත් දැන් අඳුරු තැන්වල ඉන්න වෙලා.   මගේ ශක්තිය නැති වෙලා, මම දුර්වල වෙලා.+මට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ.+   මම අතීතය මතක් කරගන්නවා.ඔබ කරපු හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කරනවා.+ඔබේ අතින් කරපු දේවල් ගැන මම හරිම ආශාවෙන් හිතලා බලනවා.*   මම දෑත් ඔසවලා ඔබට යාච්ඤා කරනවා.වියළි දේශයක් වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්නවා වගේඔබ මට උදව් කරන කල් මම බලන් ඉන්නවා.+ (සීලාහ්)   අනේ යෙහෝවා, ඉක්මනින් මගේ උදව්වට එන්න.+මගේ ශක්තිය නැති වෙලා ගිහින්.+ දෙවියනි, ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවගන්න එපා.+ඔබ එහෙම කළොත් මම මිය ගිය* කෙනෙක් වගේ වෙයි.+   උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ මට අද්දකින්න සලස්වන්න.මොකද මං විශ්වාසය තියන්නේ ඔබ ගැනයි. දෙවියනි, මං කරන්න ඕන දේ පෙන්වලා දෙන්න.+මොකද මං මඟ පෙන්වීම් පතන්නේ ඔබගෙන්.*   අනේ යෙහෝවා, මගේ සතුරන්ගෙන් මාව බේරගන්න. මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+ 10  ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න.+මොකද මගේ දෙවියන් ඔබයි. ඔබ යහපත්.*ඔබේ බලයෙන් මාව සමතලා බිමක* අරන් යන්න. 11  යෙහෝවා දෙවියනි, ඔබේ නම ගැන හිතලා මගේ ජීවිතේ රැක දෙන්න. ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව විපතෙන් ගලවගන්න.+ 12  ඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වලා මගේ සතුරන්ව විනාශ* කරන්න.+මට හිරිහැර කරන හැමෝවම විනාශ කරලා දාන්න.+මොකද මම ඔබේ සේවකයා.+

පාදසටහන්

හෝ, “අධ්‍යයනය කරනවා.”
මූ.අ., “මිනී වළේ ඉන්න.”
හෝ, “මගේ ජීවිතය මම ඔබට භාර දෙනවා.”
මූ.අ., “ඔබේ බලය හැම අතින්ම යහපත්.”
හෝ, “අවංකකමේ දේශයට.”
මූ.අ., “නිහඬ.”