ගීතාවලිය 144:1-15

  • ජය අත් කරලා දෙන්න කියලා ඉල්ලයි

    • ‘දූවිල්ලට හැරිලා යන මිනිසා වටිනවාද?’ (3)

    • “සතුරන්ව සීසීකඩ යවන්න” (6)

    • යෙහෝවාගේ සෙනඟ සන්තෝෂවත් (15)

දාවිත් රචනා කරපු ගීතයක්. 144  මගේ පර්වතය වන යෙහෝවා+ දෙවියන්ට ප්‍රශංසා වේවා!මට සටන් කරන්න උගන්වන්නෙත්යුද්ධයට මාව සූදානම් කරන්නෙත් ඔහුයි.+   මට නොසැලෙන ආදරයක් පෙන්වන්නේ ඔහුයි. මගේ බලකොටුව ඔහුයි.මට ආරක්ෂාව ලබා දෙන පවුරත්* මගේ ගැලවුම්කරුත් ඔහුයි.ඔහු මගේ පලිහයි. මං ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.+මිනිසුන්ව මට යටත් කරලා දෙන්නෙත් ඔහුයි.+   යෙහෝවා දෙවියනි, ඔබ මිනිසා ගැන හොයලා බලන්න තරම් ඔහු කවුද?දූවිල්ලට හැරිලා යන මිනිසා ගැන සැලකිලිමත් වෙන්න තරම් ඔහු වටිනවාද?+   මිනිසා නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.+ඔහුගේ ජීවිතේ නොපෙනී යන සෙවණැල්ලක් වගේ.+   යෙහෝවා දෙවියනි, අහස පහත් කරලා බැහැලා එන්න.+කඳු අල්ලලා ඒවායින් දුම් නඟින්න සලස්වන්න.+   අකුණු සැර එවලා මගේ සතුරන්ව සීසීකඩ යවන්න.+ඊතල විදලා ඔවුන්ව වියවුලට පත් කරන්න.+   ස්වර්ගයේ ඉඳන් ඔබේ දෑත් දිගු කරලා,කැලඹෙන ජලයෙන් මාව ඇදලා ගන්න.විදේශිකයන්ගේ අතින් මාව බේරගන්න.+   ඔවුන්ගේ කටින් පිට වෙන්නෙම බොරු.ඔවුන් දකුණත උස්සලා බොරු දිවුරුම් දෙනවා.   දෙවියනි, මම ඔබට අලුත් ගීයක් ගායනා කරනවා.+ විශාල වීණාව* වයමින් ඔබට ප්‍රශංසා ගී ගයනවා. 10  රජවරුන්ට ජයග්‍රහණය* දෙන්නේ ඔබයි.+ඔබේ සේවක දාවිත්ව මාරාන්තික කඩුවෙන් බේරගන්නෙත් ඔබයි.+ 11  දෙවියනි, බොරු කියන,දකුණත උස්සලා බොරු දිවුරුම් දෙනවිදේශිකයන්ගේ අතින් මාව බේරගන්න. 12  එතකොට අපේ පුතුන් ඉක්මනින් වැඩෙන ගස් වගේ වෙයි.අපේ දූවරුන් රජමාලිගාවේ තියෙන කැටයම් කරපු කණු වගේ වෙයි. 13  අපේ ගබඩා විවිධ ආහාරවලින් පිරිලා ඉතිරිලා යයි.එළිමහනේ ඉන්න අපේ එළු බැටළු රැළවල් දසදහස් ගණනින් වැඩි වෙයි. 14  ගැබ්බරව ඉන්න අපේ එළදෙනුන්ට කිසි අනතුරක්වත් ගබ්සාවක්වත් වෙන්නේ නැහැ.අපේ ප්‍රධාන හන්දිවල වැලපීමේ හඬක් කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. 15  ඒ විදිහේ ජීවිතයක් ගත කරන සෙනඟ සන්තෝෂවත්! යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න සෙනඟ ඇත්තෙන්ම සන්තෝෂවත්!+

පාදසටහන්

හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයත්.”
මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයක්.”
හෝ, “ගැලවීම.”