ගීතාවලිය 145:1-21

  • ශ්‍රේෂ්ඨ රජ වන දෙවියන්ට ප්‍රශංසා කරන්න

    • ‘දෙවියන් මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා’ (6)

    • ‘යෙහෝවා හැමෝටම යහපත කරනවා’ (9)

    • “ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි” (10)

    • දෙවියන්ගේ රජකම සදහටම පවතිනවා (13)

    • දෙවියන් අත දිගහැරලා හැමෝවම තෘප්තිමත් කරනවා (16)

දාවිත් රචනා කරපු ප්‍රශංසා ගීයක්. א [ආලෙෆ්] 145  මගේ දෙවියනි, මගේ රජ්ජුරුවනි, මම ඔබට ප්‍රශංසා කරනවා.+ඔබේ නමට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා කරනවා.+ ב [බේත්]   දවස පුරාම මම ඔබට ප්‍රශංසා කරනවා.+සදාකාලයෙන් සදාකාලයට ඔබේ නමට ප්‍රශංසා කරනවා.+ ג [ගීමෙල්]   යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම අතින්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද!+ ד [දාලෙත්]   හැම පරම්පරාවකම අය ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරයි.ඔබ කරන බලවත් දේවල් ගැන ඔවුන් කතා කරයි.+ ה [හේ]   ඔබේ බලය සහ තේජස ගැන ඔවුන් දැනුම් දෙයි.+ඔබේ පුදුමාකාර ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරනවා. ו [වාව්]   ඔබ කරලා තියෙන පුදුම දනවන දේවල්* ගැන ඔවුන් හැමෝටම කියයි.ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා. ז [ෂායින්]   ඔබේ හැම යහපත් ක්‍රියාවක් ගැනම මතක් වෙද්දීඔවුන් සතුටින් ඒ ගැන කතා කරයි.+ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ප්‍රීති ඝෝෂා නඟයි.+ ח [හෙත්]   යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරයෙන් පිරුණු දෙවි කෙනෙක්.+ ט [ටේත්]   යෙහෝවා පණ ඇති හැමෝටම යහපත කරනවා.+ඔහු කරපු හැම දේකින්ම ඔහුගේ දයාව පේන්න තියෙනවා. י [යෝද්] 10  යෙහෝවා දෙවියනි, ඔබේ හැම නිර්මාණයක්ම* ඔබව පසසයි.+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි.+ כ [කෆ්] 11  ඔබේ රාජ්‍යය මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා ඔවුන් දැනුම් දෙයි.+ඔබේ මහත් බලය ගැන ඔවුන් කතා කරයි.+ ל [ලාමෙද්] 12  ඔවුන් එහෙම කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත්+ඔබේ රාජ්‍යයේ තේජස ගැනත්+ හැම කෙනෙක්ටම දන්වන්නයි. מ [මෙම්] 13  ඔබේ රජකම සදහටම පවතිනවා.ඔබේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+ ס [සාමෙක්] 14  වැටෙන්න යන හැමෝටම යෙහෝවා උදව් කරනවා.+කලකිරිලා ඉන්න අයට නැඟිටින්න ඔහු අත දෙනවා.+ ע [ආයින්] 15  හැම ජීවියෙක්ම ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔබ නියම වෙලාවට ඔවුන්ට කෑම ලබා දෙනවා.+ פ [පේ] 16  ඔබේ අත දිගහැරලාපණ ඇති සියල්ලන්ගේ ආශාව ඔබ තෘප්තිමත් කරනවා.+ צ [ට්සාධේ] 17  යෙහෝවා කරන කියන හැම දේම* ධර්මිෂ්ඨයි.+ඔහු කරන හැම දේකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්න ලැබෙනවා.+ ק [කෝෆ්] 18  යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.+අවංකකමින් ඔහුට හඬගසන හැමෝටම ඔහු ළං වෙලා ඉන්නවා.+ ר [රේෂ්] 19  ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉටු කරනවා.+උදව් ඉල්ලලා ඔවුන් කන්නලව් කරද්දී ඔහු ඔවුන්ව බේරගන්නවා.+ ש [ෂින්] 20  යෙහෝවා ඔහුට ආදරේ කරන හැමෝවම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ව ඔහු නැත්තටම නැති කරනවා.+ ת [ටාව්] 21  මගේ මුවින් මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+පණ ඇති සියල්ලන් ඔහුගේ ශුද්ධ නමට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරනු ලැබේවා!+

පාදසටහන්

හෝ, “ඔබේ බලය.”
හෝ, “හැම ක්‍රියාවක්ම.”
මූ.අ., “යෙහෝවාගේ හැම මාර්ගයක්ම.”