ගීතාවලිය 146:1-10

  • විශ්වාසය තියන්න ඕනෙ දෙවියන් මතයි. මිනිසුන් මත නෙමෙයි.

    • මැරුණාම මිනිසුන්ගේ කල්පනාව නැති වෙනවා (4)

    • දෙවියන් කලකිරිලා ඉන්න අයට නැඟිටින්න අත දෙනවා (8)

146  යාහ්ට ප්‍රශංසා කරන්න!*+ මට ඕනෙ මගේ මුළු හිතින්ම යෙහෝවාට ප්‍රශංසා කරන්න.+   ජීවත් වෙලා ඉන්න කල් මං යෙහෝවාට ප්‍රශංසා කරනවා. මගේ ජීවිත කාලය පුරාම මං මගේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයනවා.*   අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්විශ්වාසය තියන්න එපා.+   ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+   යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+   අහසත් පොළොවත් මුහුදත්ඒවාවල තියෙන හැම දේමත් හදපු තැනැත්තා ඔහුයි.+සදහටම විශ්වාසවන්තව ඉන්න තැනැත්තාත් ඔහුයි.+   අසාධාරණකම්වලට මුහුණ දුන්න අයට යුක්තිය ඉටු කරලා දෙන්නෙත්බඩගින්නේ ඉන්න අයට කෑම ලබා දෙන්නෙත් ඔහුයි.+ යෙහෝවා දෙවියන් සිරකරුවන්ට නිදහස ලබා දෙනවා.+   යෙහෝවා අන්ධ අයට පෙනීම ලබා දෙනවා.+කලකිරිලා ඉන්න අයට නැඟිටින්න යෙහෝවා අත දෙනවා.+ධර්මිෂ්ඨ අයට යෙහෝවා හුඟක් ආදරෙයි.   යෙහෝවා විදේශිකයන්ව ආරක්ෂා කරනවා.පියා නැති දරුවාටත් වැන්දඹුවටත් ඔහු උදව් කරනවා.+ඒත් දුෂ්ටයාගේ සැලසුම් ඔහු අසාර්ථක කරනවා.*+ 10  යෙහෝවා සදහටම රජකම් කරනවා.+සියොන්, ඔබේ දෙවියන් පරම්පරාවෙන් පරම්පරාවට රජකම් කරනවා. යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
හෝ, “වංශවත් අය.”
මූ.අ., “ජීවන හුස්ම.”
හෝ, “මාර්ග අවුල් කරනවා.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.