ගීතාවලිය 147:1-20

  • දෙවියන්ගේ ආදරයත් බලයත් කියාපාන ඔහුගේ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

    • ඔහු බිඳුණු හිත් තියෙන අයට සුවය ලබා දෙයි (3)

    • ඔහු හැම තාරකාවකටම නම කියලා අඬගහනවා (4)

    • හිම ලොම් වගේ පොළොව වහගන්නවා (16)

147  යාහ්ට ප්‍රශංසා කරන්න!* අපේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් යහපත් දෙයක්ද!ඔහුට ප්‍රශංසා කරන එක මොන තරම් ප්‍රසන්නද!ඔහු ඇත්තෙන්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+   යෙහෝවා යෙරුසලම ආයෙත් ගොඩනඟනවා.+විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව ඔහු ආයෙත් එකතු කරනවා.+   හිත බිඳුණු අයට ඔහු සුවය ලබා දෙයි.ඔවුන්ගේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.   ඔහු හැම තාරකාවක්ම ගණන් කරනවා.ඒ එක් එක් තාරකාවට නම කියලා අඬගහනවා.+   අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨයි. ඔහු හුඟක් බලවත්.+ඔහුගේ ප්‍රඥාව මොන තරම්ද! ඒක කිසිම දේකින් මනින්න බැහැ!+   යෙහෝවා නිහතමානී අයව උසස් කරනවා.+ඒත් ඔහු දුෂ්ටයන්ව බිමටම ඇදලා දානවා.   යෙහෝවාට ස්තුති කරමින් ගී ගයන්න.වීණාව වයමින් අපේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න.   අහස වලාකුළුවලින් අතුරන්නෙත්පොළොවට වැස්ස ලබා දෙන්නෙත් ඔහුයි.+කඳු මුදුන් තණකොළවලින් වැහිලා යන්න සලස්වන්නෙත් ඔහුයි.+   සතුන්ටත් කෑම ඉල්ලලා අඬන කපුටු පැටවුන්ටත්ඔහු කෑම ලබා දෙනවා.+ 10  අශ්වයෙක්ට තියෙන ශක්තිය දැකලවත්+වේගයෙන් දුවන්න මිනිසෙක්ට තියෙන හැකියාව දැකලවත්+ඔහු සතුටු වෙන්නේ නැහැ. 11  ඒත් යෙහෝවා සතුටු වෙන්නේ ඔහු ගැන ගරුබියක් තියෙන අය ගැනයි.+ඔහුගේ නොසැලෙන ආදරය අද්දකින්න ආශාවෙන් බලන් ඉන්න අය ගැනයි.+ 12  යෙරුසලම, යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න. සියොන්, ඔබේ දෙවියන්ට ප්‍රශංසා කරන්න. 13  ඔහු ඔබේ නුවරේ දොරටුවල අගුල්* ශක්තිමත් කරනවා.ඔබේ පුතුන්ට ඔහු ආශීර්වාද කරනවා. 14  ඔබේ දේශ සීමාව ඇතුළේ ඔහු සමාදානය ඇති කරනවා.+හොඳම තිරිඟු දීලා ඔහු ඔබව තෘප්තිමත් කරනවා.+ 15  ඔහු පොළොවට අණක් නිකුත් කරනවා.ඔහුගේ වචනය වේගයෙන් ගමනාන්තයට දිව යනවා. 16  ඔහු හිම වැටෙන්න සලස්වනවා.ඒ හිම ලොම් වගේ පොළොව වහගන්නවා.+ඔහු තුහින බිඳු* අළු වගේ විසුරුවනවා.+ 17  රොටි කැබලි වීසි කරනවා වගේඔහු හිම කැට* සීසීකඩ විසුරුවනවා.+ ඒ සීතල දරාගන්න පුළුවන් කාටද?+ 18  ඔහු අණ දෙද්දී ඒවා දිය වෙලා යනවා. ඔහු සුළං හමන්න සලස්වනවා.+ ඒ සුළඟ නිසා ජලය ගලා බහිනවා. 19  ඔහු තමන්ගේ පණිවිඩය යාකොබ්ට දැනුම් දෙයි.තමන්ගේ නියෝග සහ තීන්දු ඔහු ඊශ්‍රායෙල්ට කියලා දෙයි.+ 20  වෙන කිසි ජාතියක් වෙනුවෙන් ඔහු එහෙම කරලා නැහැ.+වෙන කිසිම ජාතියක් ඔහුගේ තීන්දු ගැන දන්නේ නැහැ. යාහ්ට ප්‍රශංසා කරන්න!*+

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන එක.”
මූ.අ., “පොලු.”
වාතයේ තියෙන චූටි වතුර බින්දු අධික සීතල කාලවලදී මිදිලා එක එක තැන්වල රැඳෙනවා. ඒවාට තමයි තුහින බිඳු කියන්නේ.
හෝ, “අයිස් කැට.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.