ගීතාවලිය 148:1-14

  • යෙහෝවාගේ හැම නිර්මාණයක්ම ඔහුට ප්‍රශංසා කරයි

    • ‘ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න’ (2)

    • ‘හිරුත් සඳුත් තාරකාත් ඔහුට ප්‍රශංසා කරන්න’ (3)

    • බාල මහලු හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරයි (12, 13)

148  යාහ්ට ප්‍රශංසා කරන්න!* ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න.+උස් තැන්වල ඉන්න සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.   ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුගේ මුළු සේනාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+   හිරුත් සඳුත්, ඔහුට ප්‍රශංසා කරන්න. බැබළෙන තාරකාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+   ඉමක් කොනක් නැති අහස්තලයෙනි,වැහි වලාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.   ඒ සියල්ල යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!මොකද ඔහු අණ දීලා ඒවා නිර්මාණය කළා.+   ඔහු ඒවා සදාකාලයෙන් සදාකාලයටම පවතින්න සලස්වනවා.+කවදාවත් පහ වෙන්නේ නැති නියමයක් ඔහු දීලා තියෙනවා.+   පොළොවේ ඉන්න සියල්ලෙනි,මුහුදේ ඉන්න දැවැන්තයෙනි, ගැඹුරු දිය දහරාවෙනි,යෙහෝවාට ප්‍රශංසා කරන්න.   අකුණු සහ හිම කැට වර්ෂාවෙනි, හිම සහ ගන වලාවෙනි,ඔහුගේ අණ ඉටු කරන චණ්ඩ මාරුතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.   කඳු හෙල් සියල්ලෙනි,+දේවදාර ගස් සහ පලින් බර වුණ ගස් සියල්ලෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න. 10  වනසතුන්+ සහ හීලෑ සත්වයෙනි,කුඩා සතුන්* සහ පියාසර කරන කුරුල්ලෙනි, ඔහුට ප්‍රශංසාකරන්න. 11  පොළොවේ රජවරුනි, හැම ජාතියකටම අයිති ජනයෙනි,අධිපතීන් සහ පොළොවේ විනිශ්චයකරුවෙනි, ඔහුට ප්‍රශංසාකරන්න.+ 12  තරුණයෙනි, තරුණියෙනි,*බාල මහලු සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. 13  ඔවුන් හැමෝම යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!මොකද අනිත් හැම නමකටම වඩා ඔහුගේ නම උසස්.+ ඔහුගේ තේජස අහසටත් පොළොවටත් ඉහළින් නැඟ යනවා.+ 14  ඔහු තමන්ගේ සෙනඟගේ ශක්තිය* වැඩි කරනවා.එහෙම කරලා ඔහුට ළං වෙලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟට,ඔහුට විශ්වාසවන්තව ඉන්න ඒ හැමෝටම,ගෞරවය, ප්‍රශංසාව ලැබෙන්න සලස්වනවා. යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.
මූ.අ., “කන්‍යාවෙනි.”
මූ.අ., “අඟ.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.