ගීතාවලිය 149:1-9

  • දෙවියන් ලබපු ජයග්‍රහණය ගැන ප්‍රශංසා ගීයක්

    • දෙවියන් ඔහුගේ සෙනඟ ගැන සතුටු වෙනවා (4)

    • ගෞරවය හිමි වෙන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට (9)

149  යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවාට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස් වෙලා ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැද ඔහුට ප්‍රශංසා කරන්න.+   ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු නිසා සතුටු වෙන්න.+සියොන් පුත්‍රයෙනි, ඔබේ රජු නිසා ප්‍රීති වෙන්න.   නටමින් ඔහුගේ නමට ප්‍රශංසා කරන්න.+රබන් ගසමින්, වීණාව වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+   මොකද යෙහෝවා තමන්ගේ සෙනඟ ගැන සතුටු වෙනවා.+ ඔහු නිහතමානී අයව ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+   විශ්වාසවන්ත සෙනඟෙනි, ඔබව ගෞරවයට පත් කරලා තියෙන නිසා ප්‍රීතියෙන් ඉපිල යන්න.ඔබේ යහනේ ඉඳන් සතුටින් හඬ නඟන්න.+   දෙවියන්ට ගයන ප්‍රශංසා ගී හැමදාමත් ඔබේ දිව අග රැඳේවා!දෙමුවහත් කඩුවක් හැමදාමත් ඔබේ අතේ තිබේවා!   ඒ කඩුවෙන් ජාතීන්ට පහර දෙන්න.ඔවුන්ට දඬුවම් කරන්න.   රජවරුන්ට විලංගු දාලාඔවුන්ගේ වංශවත් අයව යදම්වලින් බඳින්න.   ඔවුන්ට විරුද්ධව ලියලා තියෙන තීන්දුව ක්‍රියාත්මක කරන්න.+ඒ තීන්දුව ක්‍රියාත්මක කරන ගෞරවය හිමි වෙන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හැමෝටමයි. යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.