ගීතාවලිය 15:1-5

  • යෙහෝවාගේ ශුද්ධ කූඩාරමට එන්න පුළුවන් කාටද?

    • සිතින් සත්‍යය පවසන කෙනාට (2)

    • අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නේ නැති කෙනාට (3)

    • පාඩුවක් වුණත් දුන්න පොරොන්දු ඉටු කරන කෙනාට (4)

දාවිත් රචනා කරපු ගීතයක්. 15  යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?* ඔබේ ශුද්ධ කන්දේ ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද?+   ඒ, හරි දේ කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+සිතින් සත්‍යය පවසන කෙනාටයි.+   ඔහු බොරු පතුරුවලා අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නෙවත්+තමන්ගේ අසල්වැසියාට කිසිම නරක දෙයක් කරන්නෙවත්+තමන්ගේ මිතුරාට අපහාස කරන්නෙවත් නැහැ.+   පිළිකුල් දේවල් කරන අයව ඔහු කොහොමටවත් ඇසුරු කරන්නේ නැහැ.+ඒත් යෙහෝවා ගැන ගරුබියක් තියෙන අයට ඔහු ගෞරවයෙන් සලකයි. ඔහුට පාඩුවක් වුණත් ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරයි.+   ඔහු ණයකරුවන්ගෙන් පොලී අය කරන්නේ නැහැ.+අහිංසකයෙක්ට අසාධාරණයක් කරන්න අල්ලසක් ගන්නේ නැහැ.+ ඒ වගේ කෙනෙක් කවදාවත් වැටිලා යන්නේ නැහැ.+

පාදසටහන්

හෝ, “අමුත්තෙක් විදිහට පිළිගන්නේ කාවද?”