ගීතාවලිය 150:1-6

  • පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න

    • යාහ්ට ප්‍රශංසා කරන්න! (1, 6)

150  යාහ්ට ප්‍රශංසා කරන්න!*+ ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ ඔහුගේ බලය කියාපාන අහස්තලය යට ඔහුට ප්‍රශංසා කරන්න.+   ඔහුගේ බලවත් ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න.+ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අතිමහත් නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+   හොරණෑව පිඹිමින් ඔහුට ප්‍රශංසා කරන්න.+ තත් භාණ්ඩය වාදනය කරමින්, වීණාව වයමින් ඔහුට ප්‍රශංසා කරන්න.+   රබන් ගසමින්+ සහ නටමින් ඔහුට ප්‍රශංසා කරන්න. තත් භාණ්ඩ වාදනය කරමින්,+ බටනළාව පිඹිමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.   අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න. මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+   පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න. යාහ්ට ප්‍රශංසා කරන්න!*+

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.