ගීතාවලිය 17:1-15
දාවිත්ගේ යාච්ඤාවක්.
17 අනේ යෙහෝවා, මම යුක්තිය ඉල්ලලා කරන කන්නලව්වට ඇහුම්කන් දෙන්න.මම උදව් ඉල්ලලා අඬද්දී මං දිහා බලන්න.අවංක හදවතකින් මම කරන යාච්ඤාවට සවන් දෙන්න.+
2 අනේ දෙවියනි, ඔබේ ඇස් දෙකෙන් ඇත්ත දකින්න.මට සාධාරණ විනිශ්චයක් දෙන්න.+
3 ඔබ මගේ හිත විමසලා රාත්රියේදී මාව සෝදිසි කළා.+ඔබ මාව පවිත්ර කළා.+මම දුෂ්ට විදිහට කුමන්ත්රණය කරලා නැහැ කියලත්මගේ කටින් කිසිම වැරදි දෙයක් පිට වෙලා නැහැ කියලත් ඔබ දකියි.
4 අනිත් අය මොන දේ කළත් මගේ අදිටන ඔබ කියන දේට එකඟව ජීවත් වෙන එකයි.සොරුන් යන මඟේ නොයන්න මම තීරණය කළා.+
5 ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරනවා.එතකොට කවදාවත් මගේ පය පැටලිලා මම වැටෙන්නේ නැහැ.+
6 දෙවියනි, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබේ නම කියලා අයැදිනවා.+
අනේ, මට කන් දෙන්න.* මං කියන දේට ඇහුම්කන් දෙන්න.+
7 ගැලවුම්කරුවෙනි, ඔබට විරුද්ධ වෙන අයගෙන් ඔබේ සෙනඟව ආරක්ෂා කරන්න.ඔබේ දකුණතේ රැකවරණය පතන අය වෙනුවෙන්පුදුම දනවන දේවල් කරලා ඔබේ නොසැලෙන ආදරේ පෙන්වන්න.+
8 ඔබේ ඇහේ කලු ඉංගිරියාව වගේ මාව රැකගන්න.+ඔබේ පියාපත් සෙවණේ මාව සඟවගන්න.+
9 මට පහර දෙන දුෂ්ටයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.මාව වට කරගෙන ඉන්න සතුරන්ගෙන් මාව බේරගන්න.+
10 ඔවුන්ට කිසිම හිතක් පපුවක් නැහැ.*ඔවුන් කතා කරන්නේ උද්ධච්ච විදිහටයි.
11 ඔවුන් අපිව කොටු කරගෙන.+ඔවුන් බලාගෙන ඉන්නේ අපිව බිමටම ඇදලා දාන්නයි.
12 ඔවුන් ගොදුර ඉරලා දාන කල් නොඉවසිල්ලෙන් බලන් ඉන්න සිංහයන් වගෙයි.ගොදුරක් අල්ලගන්න හැංගිලා ඉන්න තරුණ සිංහයන් වගෙයි.
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී ඉන්න.+ඔවුන්ව පහතට ඇදලා දාන්න.
ඔබේ කඩුවෙන් දුෂ්ටයාට පහර දීලා මාව බේරගන්න.
14 අනේ යෙහෝවා, ඔබේ බලවත් අත දිගු කරලාමේ ලෝකයේ මිනිසුන්ගෙන් මාව ගලවගන්න.තාවකාලික සතුට හොයන මිනිසුන්ගෙන්+ මාව බේරගන්න.ඔබ ලබා දෙන යහපත් දේවලින් ඔවුන් තෘප්තිමත් වෙනවා.+ඔවුන් රැස් කරපු සම්පත් ඔවුන්ගෙන් පස්සේ ඔවුන්ගේ දරු පරම්පරාව භුක්ති විඳිනවා.
15 ඒත් මම හරි දේ කරන නිසා ඔබේ මුහුණ දකින්න මට අවස්ථාව ලැබෙනවා.ඔබ මං ළඟින්ම ඉන්නවා කියලා දන්න නිසා මම අවදි වෙන්නේ සතුටින්.+