ගීතාවලිය 19:1-14

  • දෙවියන්ගේ නිර්මාණ සහ නීතිය සාක්ෂි දෙයි

    • ‘අහස, දෙවියන්ගේ තේජස ප්‍රකාශ කරයි’ (1)

    • දෙවියන්ගේ නීතිය පරිපූර්ණයි. සවිමත් කරයි (7)

    • “නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදි” (12)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 19  අහස, දෙවියන්ගේ බලය, තේජස ප්‍රකාශ කරයි.+ගුවන්තලය, ඔහුගේ දෑතින් නිර්මාණය කළ දේ ගැන සාක්ෂි දෙයි.+   හැම දවාලකම ඒවායින් නැඟෙන ප්‍රශංසා හඬ රැව් පිළිරැව් දෙයි.හැම රාත්‍රියකම ඒ නිර්මාණ ඔහුගේ දැනුම ගැන කියාපායි.   ඒවා කතා කරන්නෙවත් වචනයක් පිට කරන්නෙවත් නැහැ.ඒවායින් කිසිම හඬක් ඇහෙන්නෙත් නැහැ.   ඒත් ඒවා දෙන සාක්ෂිය* පොළොව පුරාම පැතිරිලා යනවා.ඒවා දෙන පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා.+ දෙවියන් හිරු වෙනුවෙන් අහස්තලයේ කූඩාරමක් හදලා තියෙනවා.   හිරු කුමරු, විවාහ යහනෙන් පිබිදී එන මනාලයෙක් වගෙයි.තරඟයක් දුවන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්න ධාවකයෙක් වගෙයි.   හිරු, අහසේ එක් කෙළවරකින් නික්ම ඇවිත්අනිත් කෙළවරින් තම ගමන අවසන් කරනවා.+හිරුරැස් නොවැටෙන තැනක් නැහැ.   යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+ යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්‍රඥාව දෙයි.+   යෙහෝවාගේ නියෝග සාධාරණයි. හිතට සතුටක් ගෙන දෙයි.+යෙහෝවාගේ ආඥා පවිත්‍රයි. ඇස් දීප්තිමත් කරයි.+   යෙහෝවා ගැන ගරුබියක්+ ඇති වෙන එක හැම අතින්ම පවිත්‍රයි.* ඒ ගරුබිය සදහටම පවතිනවා.යෙහෝවා දෙන තීන්දු නිවැරදියි. ඒවාවල කිසිම දෝෂයක් නැහැ.+ 10  ඒ හැම දේම රන්වලටත් වඩා වටිනවා.පවිත්‍ර රන් සාගරයක්වත් ඒ තරම් වටින්නේ නැහැ.+ඒවා මීපැණිවලට වඩා රසවත්.+මීවදයෙන් වෑස්සෙන මීපැණිවත් ඒ තරම් මිහිරි නැහැ. 11  ඒවා ඔබේ සේවකයාව අනතුරුවලින් ආරක්ෂා කරනවා.+ඒවා පිළිපැදීමෙන් ආශීර්වාද නොඅඩුව ලැබෙනවා.+ 12  තමන් කරන හැම වරදක්ම තේරුම්ගන්න පුළුවන් කාටද?+ දෙවියනි, නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදිවලට මට සමාවෙන්න. 13  මට අයිති නැති දේවල් කරන එකෙන් ඔබේ සේවකයා වන මාව වළක්වන්න.+මාව පාලනය කරන්න ඒ වගේ උඩඟු දේවල්වලට ඉඩ දෙන්න එපා.+ එතකොට නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නත්+බරපතළ වැරදි නොකර ඉන්නත් මට පුළුවන් වෙයි.* 14  මගේ පර්වතයත්+ මගේ ගැලවුම්කරුත්+ වන යෙහෝවා දෙවියනි,මගේ මුවින් පිට වෙන වචනත් මගේ සිතුවිලිත් හැමදාමත් ඔබට ප්‍රසන්නව තිබේවා!+

පාදසටහන්

හෝ සමහරවිට, “මනින ලණුව.”
හෝ, “කෙනෙක්ව හරි මාර්ගයට ගනියි.”
හෝ, “යහපත්.”
හෝ, “මගේ වැරදි අඩු කරගන්න පුළුවන් වෙයි.”