ගීතාවලිය 20:1-9

  • යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා

    • සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 20  විපත්ති කාලයේදී යෙහෝවා දෙවියන්ගෙන් ඔබට පිළිතුරු ලැබේවා! යාකොබ්ගේ දෙවියන්ගේ නම ඔබට ආරක්ෂාවක් වේවා!+   ශුද්ධස්ථානයේ ඉඳන් ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+සියොන් ඉඳන් ඔහු ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+   ඔබ ඔප්පු කරපු තෑගි පූජා ඔහු සිහි කරනු ලැබේවා!ඔබේ දවන පූජා ඔහු සතුටින් පිළිගනු ලැබේවා! (සීලාහ්)   ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කර දෙනු ලැබේවා!+ඔබේ සැලසුම් සියල්ල ඔහු සාර්ථක කරනු ලැබේවා!   ඔබ ලබා දුන්න ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟනවා.+අපේ දෙවියන්ගේ නම අපි ගෞරවයට පත් කරනවා.+ යෙහෝවා ඔබේ හැම ඉල්ලීමක්ම ඉටු කර දෙනු ලැබේවා!   යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා කියලා මම දැන් දන්නවා.+ දෙවියන් තමන්ගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහුට උත්තර දෙනවා.තමන්ගේ දකුණතින් පුදුම දේවල් කරලා ගැලවීම* ලබා දෙනවා.+   සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි. තවත් අය විශ්වාස කරන්නේ අශ්ව රථ ගැනයි.+ඒත් අපි විශ්වාසය තියන්නේ අපේ දෙවි යෙහෝවාගේ නම මතයි.*+   ඔවුන් පරාජය වෙලා වැටිලා ගියා.ඒත් අපි ධෛර්යය වඩවගෙන ආයෙත් නැඟිට්ටා.+   අනේ යෙහෝවා, රජව බේරගන්න!+ අපි උදව් ඉල්ලන දවසේදී දෙවියන්* නිසැකවම අපිට උත්තර දෙනවා.+

පාදසටහන්

හෝ, “විශිෂ්ට ජයක්.”
මූ.අ., “ඒත් අපි අයැදින්නේ යෙහෝවාගේ නමටයි.”
හෝ සමහරවිට, “රජ.”