ගීතාවලිය 21:1-13

  • යෙහෝවා ගැන විශ්වාසයෙන් ඉන්න රජට ආශීර්වාද ලැබෙයි

    • රජට දීර්ඝායුෂ දෙයි (4)

    • දෙවියන්ගේ සතුරන්ව පරාජය කරයි (8-12)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්. 21  යෙහෝවා දෙවියනි, ඔබ දෙන ශක්තිය නිසා රජ ප්‍රීති වෙනවා.+ඔබ දෙන ගැලවීම නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා!+   ඔහුගේ හිතේ ආශාව ඔබ ඉටු කළා.+ඔහු ඉල්ලපු කිසිම දෙයක් ඔබ නොදී ඉඳලා නැහැ. (සීලාහ්)   ඔබ ඔහුට නිමක් නැතුව ආශීර්වාද කරනවා.පිරිසිදු රනින් හදපු ඔටුන්නක් ඔහුගේ හිස පැලඳුවා.+   ඔහු දීර්ඝායුෂ ඉල්ලුවාම ඔබ ඔහුට ඒක දුන්නා.+සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙන්නත් ඔහුට අවස්ථාව දුන්නා.   ඔබ ඔහුව ගලවගත්ත නිසා ඔහු තේජසට පත් වෙනවා.+ ඔබ ඔහුව උසස් කරලා ගෞරවයට පත් කරනවා.   ඔබ ඔහුට සදහටම ආශීර්වාද කරනවා.+ඔබ ඔහු ළඟින්ම ඉන්න නිසා ඔහුගේ හිත සතුටින් පිරිලා යනවා.+   රජ විශ්වාසය තියන්නේ යෙහෝවා මතයි.+උසස්ම දෙවියන් පෙන්වන නොසැලෙන ආදරය නිසා ඔහුව කවදාවත් සොලවන්න බැහැ.+   ඔබේ සතුරන් හැමෝම ඔබේ අතට හසු වෙයි.ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙයි.   ඔවුන්ට දඬුවම් කරන්න නියමිත කාලය එද්දීගිනි උදුනක දවලා දානවා වගේ ඔබ ඔවුන්ව විනාශ කරනවා. යෙහෝවා කේන්තියෙන් ඔවුන්ව ගිල දානවා. ගින්නෙන් ඔවුන් දැවී යනවා.+ 10  ඔබ ඔවුන්ගෙන් පැවතෙන අයව පොළොවෙන් තුරන් කරනවා.ඔවුන්ගේ පෙළපත මිනිසුන් අතරින් නැති කරලා දානවා. 11  මොකද ඔවුන් ඔබට විරුද්ධව නපුරු දේවල් කරන්න කුමන්ත්‍රණය කළා.+කවදාවත් සාර්ථක වෙන්නේ නැති දුෂ්ට දේවල් සැලසුම් කළා.+ 12  ඔවුන්ගේ මූණට ඔබේ දුන්න ඉලක්ක කරගෙන ඉන්න නිසාඔවුන්ට පලා දුවන්න සිද්ධ වෙයි.+ 13  යෙහෝවා දෙවියනි, නැඟිට ඔබේ බලය පෙන්වන්න. අපි ඔබේ මහත් බලය ගැන ගී ගයමින්* ප්‍රශංසා කරනවා.

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරමින්.”