ගීතාවලිය 23:1-6

  • “යෙහෝවා මගේ එඬේරායි”

    • “මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ” (1)

    • “ඔහු මාව ප්‍රාණවත් කරනවා” (3)

    • “මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්” (5)

දාවිත් රචනා කරපු ගීයක්. 23  යෙහෝවා මගේ එඬේරායි.+ මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ.+   ඔහු සරු තණබිම්වල මට ලගින්න ඉඩහරිනවා.මට විවේකයෙන් ඉන්න සිසිල් දිය ගලා බහින තැන්වලට* මාව ගෙනියනවා.+   ඔහු මාව ප්‍රාණවත් කරනවා.+ ධර්මිෂ්ඨ මාවත්වල මාව එක්කන් යනවා. එහෙම කරන්නේ ඔහුගේ නම ගෞරවයට පත් කරන්නයි.+   අඳුරු නිම්නයක් මැදින් ගමන් කළත්+මම කිසිම දේකට බය වෙන්නේ නැහැ.+මොකද ඔබ මාත් එක්කම ඉන්නවා.+ඔබේ කෙවිටත් සැරයටියත් නිසා මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා.*   මගේ සතුරන් ඉස්සරහා ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනවා.+ ඔබ මගේ හිසට තෙල් වක් කරන නිසා මට දැනෙන්නේ මොන තරම් සනීපයක්ද!+මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්.+   ඔබේ යහපත්කම, ඔබේ නොසැලෙන ආදරය මං හැම දවසකම අද්දකිනවා.+යෙහෝවා දෙවියනි, මගේ එකම ආශාව ජීවත් වෙන තාක් කල් ඔබේ ගෘහයේ ඉන්න එකයි.+

පාදසටහන්

හෝ සමහරවිට, “නිසසල පොකුණුවලට.”
හෝ, “සැනසීමක් ලැබෙනවා.”