ගීතාවලිය 24:1-10

  • තේජවත් රජ දොරටුවෙන් ඇතුල් වෙයි

    • ‘පොළොව අයිති යෙහෝවාටයි’ (1)

දාවිත් රචනා කරපු ගීතයක්. 24  පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාටයි.+භූමියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් අයිති ඔහුටයි.   ඔහු මුහුදට ඉහළින් නොසෙල්වෙන විදිහට පොළොව පිහිටෙව්වා.+ගංගාවන්ට ඉහළින් ඒක ස්ථිරව පිහිටෙව්වා.   යෙහෝවා දෙවියන්ගේ කන්දට නඟින්න පුළුවන් කාටද?+ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් කාටද?   ඒ, පිරිසිදු හිතක් තියෙන, නිර්දෝෂ ජීවිතයක් ගත කරන* කෙනාටයි.+මගේ නමින්* බොරු පොරොන්දු දෙන්නේ නැති,බොරුවට දිවුරන්නේ නැති කෙනාටයි.+   ඔහුට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා.+ගැලවීම දෙන ඔහුගේ දෙවියන් ඔහුව සලකන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහටයි.*+   දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්නේ ඒ වගේ අයයි.යාකොබ්ගේ දෙවියන්ගේ හිත සතුටු කරන්න උත්සාහ කරන්නේ ඔවුනුයි. (සීලාහ්)   “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!”+   “මේ තේජවත් රජු කවුද?” “ඒ, ශක්තියෙන් සහ බලයෙන් උසස් යෙහෝවා දෙවියනුයි.+බලවත්ම සටන්කරු වන යෙහෝවායි.”+   “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!” 10  “මේ තේජවත් රජු කවුද?” “ඒ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.තේජවත් රජු ඔහුයි.”+ (සීලාහ්)

පාදසටහන්

මූ.අ., “පිරිසිදු දෑත් තියෙන.”
ඒ කියන්නේ දෙවියන්ගේ නමින්.
හෝ, “දෙවියන් ඔහුට යුක්තිය ඉටු කරයි.”