ගීතාවලිය 25:1-22

  • මඟ පෙන්වීම් සහ සමාව ඉල්ලලා කරන යාච්ඤාවක්

    • “ඔබ කැමති මාර්ගය මට පෙන්වලා දෙන්න” (4)

    • “යෙහෝවාගේ කිට්ටු යාළුවෙක්” (14)

    • “මං කරපු හැම වරදකටම මට සමාව දෙන්න” (18)

දාවිත් රචනා කරපු ගීයක්. א [ආලෙෆ්] 25  යෙහෝවා දෙවියනි, මං උදව් ඉල්ලන්නේ ඔබගෙන්.* ב [බේත්]   මගේ දෙවියනි, මං විශ්වාසය තියන්නේ ඔබ මතයි.+අනේ, මාව ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+මගේ දුකේදී මගේ සතුරන්ට හිනා වෙන්න ඉඩ දෙන්න එපා.+ ג [ගීමෙල්]   ඔබ ගැන බලාපොරොත්තු තියන කිසිම කෙනෙක් ලැජ්ජා වෙන්නේ නැහැ.+ලැජ්ජාවට පත් වෙන්නේ කිසිම හේතුවක් නැතුව ද්‍රෝහිකම් කරන අයයි.+ ד [දාලෙත්]   යෙහෝවා, ඔබ කැමති මාර්ගය මට පෙන්වලා දෙන්න.+ඔබ පෙන්වන මාර්ගයේ යන්න මට උගන්වන්න.+ ה [හේ]   ඔබේ සත්‍ය වදන්වලට එකඟව ජීවත් වෙන්න මට උදව් කරන්න.+මොකද මට ගැලවීම දෙන දෙවියන් ඔබයි. ו [වාව්] දවස පුරාම මම බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි. ז [ෂායින්]   යෙහෝවා, ඔබ හැමදාමත්* ඔබේ සේවකයන්ට දයාවෙන් සැලකුවා.ඔවුන්ට නොසැලෙන ආදරයක් පෙන්නුවා.+ දෙවියනි, ඒ දේ සිහි කරන්න. ח [හෙත්]   තරුණ වයසේ මං කරපු වැරදි, ඔබේ නීති කඩ කරපු අවස්ථා මතකයේ තියාගන්න එපා.අනේ යෙහෝවා, ඔබේ නොසැලෙන ආදරය+ සහ යහපත්කම මටත් දකින්න අවස්ථාව දෙන්න.+ ט [ටේත්]   යෙහෝවා යහපත්, අවංක දෙවි කෙනෙක්.+ ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේ ඒ නිසයි.+ י [යෝද්]   ඔහු යටහත්පහත් අයට හරි දේ* කරන විදිහ පෙන්වලා දෙයි.+ඔහුගේ මාර්ග ගැන ඔවුන්ට කියලා දෙයි.+ כ [කෆ්] 10  යෙහෝවා විශ්වාසවන්තයි. ඔහු හැම වෙලේම ඔහුගේ නොසැලෙන ආදරය දැනෙන්න සලස්වනවා.ඔහුගේ සිහිගැන්වීම්වලට+ කීකරු වෙන, ඔහුගේ ගිවිසුම+ රකින අයට ඔහු සලකන්නේ ඒ විදිහටයි. ל [ලාමෙද්] 11  අනේ යෙහෝවා, මගේ අතින් වුණේ ලොකු වරදක්.ඒත් ඔබේ නාමය වෙනුවෙන්+ මගේ වරදට සමාව දෙන්න. מ [මෙම්] 12  යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඉන්නවාද?+ තෝරගන්න ඕනෙ මාර්ගය දෙවියන් ඒ කෙනාට කියලා දෙනවා.+ נ [නුන්] 13  ජීවිත කාලේ පුරාම ඔහු යහපත් දේවල් අද්දකිනවා.+ඔහුගේ දරු මුනුපුරන් පොළොව උරුම කරගන්නවා.+ ס [සාමෙක්] 14  යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න පුළුවන් ඔහු ගැන ගරුබියක් තියෙන අයටයි.+දෙවියන් ඒ අයට ඔහුගේ ගිවිසුම ගැන කියලා දෙනවා.+ ע [ආයින්] 15  මගේ ඇස් හැම වෙලේම යොමු වෙලා තියෙන්නේ යෙහෝවා වෙතටයි.+මොකද මං හසු වෙලා ඉන්න දැලෙන් මාව* බේරගන්නේ ඔහුයි.+ פ [පේ] 16  අනේ, මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.මම තනි වෙලා. මට කාගෙන්වත් උදව්වක් නැහැ. צ [ට්සාධේ] 17  මට ගණන් කරන්න බැරි තරම් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙලා.+මේ වේදනාව මගේ හිතෙන් අයින් කරන්න දෙවියනි. ר [රේෂ්] 18  මං විඳින දුක, මගේ වේදනාව දිහා බලලා+මං කරපු හැම වරදකටම මට සමාව දෙන්න.+ 19  බලන්න, මට කොයි තරම් සතුරෝ ඉන්නවාද!ඔවුන් මට මොන තරම් වෛර කරනවාද! ש [ෂින්] 20  අනේ දෙවියනි, මගේ ජීවිතය ආරක්ෂා කරන්න. මාව බේරගන්න.+ මාව ලැජ්ජාවට පත් වෙන්න දෙන්න එපා. මොකද මම රැකවරණය පැතුවේ ඔබගෙන්. ת [ටාව්] 21  මං ඔබට විශ්වාසවන්තව ඉඳලා හරි දේ කරනවා.ඒක මට ආරක්ෂාවක් වෙන්න කියලා මං පතනවා.+ මොකද මං බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි.+ 22  අනේ දෙවියනි, ඊශ්‍රායෙල් අද්දකින හැම විපතකින්ම ඔහුව බේරගන්න.

පාදසටහන්

හෝ, “මගේ මුළු ජීවිතයම ඔබට භාර දෙනවා.”
හෝ, “අතීතයේ ඉඳන්ම.”
හෝ, “සාධාරණ විනිශ්චයක්.”
මූ.අ., “මගේ දෙපා.”