ගීතාවලිය 26:1-12

  • විශ්වාසවන්තව ජීවත් වෙන එක

    • “යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න” (2)

    • නපුරු අයව ඇසුරු කරන්න එපා (4, 5)

    • ‘දෙවියන්ගේ පූජාසනය වටේ මං ඇවිදිනවා’ (6)

දාවිත් රචනා කරපු ගීතයක්. 26  අනේ යෙහෝවා, මගේ හිත සෝදිසි කරලා මාව විනිශ්චය කරන්න.එතකොට මං ඔබට විශ්වාසවන්තයි කියලා ඔබ දකියි.+යෙහෝවා, පොඩ්ඩක්වත් සැක කරන්නේ නැතුව මම ඔබව විශ්වාස කළා.+   යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න.මං මොන වගේ කෙනෙක්ද කියලා හොඳට හොයලා බලන්න.මගේ හිත, මගේ ඇතුළාන්ත හැඟීම්* තව තවත් පවිත්‍ර කරන්න.+   ඔබේ නොසැලෙන ආදරය මං හැමදාමත් අද්දකිනවා.ඔබ පෙන්වන සත්‍ය මාර්ගයේ මම ගමන් කරනවා.+   රැවටිලිකරුවන් එක්ක මං ඇසුරු කරන්නේ* නැහැ.+තමන් කවුද කියලා හංගන අයගේ කිට්ටුවටවත් මම යන්නේ නැහැ.*   නපුරු අයව ඇසුරු කරන එක මට පිළිකුලක්.+දුෂ්ට අය එක්ක ආශ්‍රය කරන්න මං කොහොමටවත් කැමති නැහැ.+   යෙහෝවා දෙවියනි, මං නිර්දෝෂ කෙනෙක්.ඒ නිසා මං මගේ දෑත් සෝදගන්නවා. ඔබේ පූජාසනය වටේ මං ඇවිදිනවා.   මං එහෙම කරන්නේ හැමෝටම ඇහෙන්න ඔබට ස්තුති ප්‍රශංසා කරන්නයි.+ඔබ කරපු හැම පුදුම දෙයක් ගැනම දැනුම් දෙන්නයි.   යෙහෝවා, ඔබ ඉන්න ගෘහයට මම ඇලුම් කරනවා.+ඔබේ තේජස තියෙන තැනට මම ප්‍රිය කරනවා.+   අනේ, පව්කාරයන් එක්ක මාව විනාශ කරන්න එපා.+දරුණු* මිනිසුන් එක්ක මගේ ජීවිතය නැති කරන්න එපා. 10  ඔවුන් දෑත්වලින් කරන්නෙම නින්දිත දේවල්.ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරිලා. 11  ඒත් මම හැමදාමත් ඔබට විශ්වාසවන්තව ජීවත් වෙනවා. අනේ, මට කරුණාව පෙන්වලා මාව ගලවගන්න. 12  මම ගමන් කරන්නේ සමතලා බිමකයි.+විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+

පාදසටහන්

මූ.අ., “වකුගඩු.”
හෝ, “අය එක්ක ආශ්‍රය කරන්නේ නැහැ.”
මූ.අ., “ඉඳගන්නේ.”
හෝ, “ලේ හලන.”