ගීතාවලිය 27:1-14

  • මගේ බලකොටුව යෙහෝවායි

    • දෙවියන්ගේ මාලිගාව ගැන ලොකු අගයක් (4)

    • දෙමාපියන් අත්හැරියත් යෙහෝවා අත්හරින්නේ නැහැ (10)

    • “යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න” (14)

දාවිත් රචනා කරපු ගීතයක්. 27  මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි. මං කිසිම කෙනෙක්ට බය නැහැ.+ මගේ බලකොටුවත් යෙහෝවායි.+ එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ?   දුෂ්ටයෝ මගේ ඇඟට කඩා පැනලා මාව විනාශ කරන්න හදනවා.+ඒත් අන්තිමට වැටිලා ගියේ මාව නැති කරලා දාන්න හදපු ඒ සතුරන්මයි.   සේනාවක් මාව වට කරගත්තත්මගේ හිතට බයක් දැනෙන්නේ නැහැ.+ සතුරන් මට විරුද්ධව යුද්ධ කරන්න ආවත්දෙවියන් ගැන මට තියෙන විශ්වාසය බිඳෙන්නේ නැහැ.   මං යෙහෝවාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.ඒ, මගේ ජීවිතයේ හැම දවසකම යෙහෝවාගේ ගෘහයේ ඉන්න ඉඩ දෙන්න කියලයි.+දිනෙන් දින යෙහෝවාගේ යහපත* දකින්නත්ඔහුගේ මාලිගාව දිහා ලොකු අගයකින් බලන්නත් උදව් කරන්න කියලයි.+මගේ හිතේ තියෙන එකම ආශාව ඒකයි.   විපත්ති දවසේදී ඔහු තමන්ගේ ආරක්ෂිත ස්ථානයේ මාව සඟවනවා.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව ආරක්ෂා කරනවා.+ඔහු මාව ඔසවලා උස් පර්වතයක් මුදුනේ තියනවා.+   දැන් මං ඉන්නේ මාව වට කරගෙන ඉන්න මගේ සතුරන්ට වඩා ඉහළින්.ඒ නිසා මම ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුගේ කූඩාරමේදී පූජා ඔප්පු කරනවා.ගී ගයමින්* යෙහෝවාට ප්‍රශංසා කරනවා.   අනේ යෙහෝවා, මං ඔබට අඬගහද්දී මට ඇහුම්කන් දෙන්න.+මට කරුණාව පෙන්වලා මට උත්තර දෙන්න.+   “මගේ මූණ දකින්න* උත්සාහ කරන්න” කියලා ඔබ කිව්ව දේ මගේ හිත මට මතක් කරනවා. යෙහෝවා දෙවියනි, ඔබේ මූණ දකින්න මම අත් නෑර උත්සාහ කරනවා.+   අනේ දෙවියනි, ඔබේ මූණ මගෙන් ඉවතට හරවගන්න එපා.+ කේන්ති අරන් ඔබේ සේවකයාට ආපහු හැරිලා යන්න කියන්න එපා. මගේ උදව්වට ඉන්නේ ඔබ විතරයි.+මට ගැලවීම ලබා දෙන දෙවියනි, මාව අත්හැරලා යන්න එපා. මාව තනි කරන්න එපා. 10  මගේ අම්මා තාත්තා මාව අත්හැරියත්+යෙහෝවා දෙවියන් මාව භාරගන්නවා.+ 11  අනේ යෙහෝවා, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+ධර්මිෂ්ඨ මාවතේ මාව අරන් ගිහින් මගේ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න. 12  මගේ සතුරන්ගේ අතට මාව අහු වෙන්න ඉඩ දෙන්න එපා.+මොකද බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව කතා කරනවා.+මට අනතුරක් කරනවා කියලා තර්ජනය කරනවා. 13  යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියන විශ්වාසය මට තිබුණේ නැත්නම්අද මට මොනවා වෙලා තියෙයිද?*+ 14  යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න.+හිත ශක්තිමත් කරගන්න. ධෛර්යවත්ව ඉන්න.+ යෙහෝවා ගැන තියෙන බලාපොරොත්තුව කවදාවත් අත්හරින්න එපා.

පාදසටහන්

මෙතන කතා කරන්නේ යෙහෝවා මොන තරම් ප්‍රසන්න කෙනෙක්ද කියන එක සහ ඔහුගේ ලස්සන ගුණාංග ගැනයි.
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරලා.”
හෝ, “මට ළං වෙලා මගේ කරුණාව ලබන්න.”
හෝ සමහරවිට, “මං මිය යන්න කලින් මට යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.”