ගීතාවලිය 28:1-9

  • ගීතිකාකරුගේ යාච්ඤාවට සවන් දෙයි

    • ‘මගේ ශක්තියත් පලිහත් යෙහෝවායි’ (7)

දාවිත් රචනා කරපු ගීයක්. 28  යෙහෝවා දෙවියනි, මම ඔබට දිගටම හඬගසනවා.මගේ පර්වතය,+ මං කතා කරද්දී කන් නොදී ඉන්න එපා. ඔබ නිහඬව හිටියොත් මං මිය ගිහින් ඉන්න කෙනෙක් වගේ වෙයි.+   මං හඬ නඟා ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසටමගේ අත් ඔසවා කන්නලව් කරද්දී මට ඇහුම්කන් දෙන්න.+   අනේ, මාව දුෂ්ටයන්ගේ ගණයට දාලා මට දඬුවම් කරන්න එපා.නපුරු ක්‍රියා කරන අය එක්ක මාවත් විනිශ්චය කරන්න එපා.+ඔවුන් මිතුරන්ට පණ දෙන්න වගේ කතා කරනවා.ඒත් ඔවුන්ගේ හිතේ තියෙන්නේ දුෂ්ට දේවල්.+   ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ප්‍රතිඵල දෙන්න.+ඔවුන් කරන දුෂ්ට දේවලට නිසි දඬුවම් දෙන්න. ඔවුන් කරන නපුරුකම් ඔවුන් පිටටම ගේන්න.+   ඔවුන් යෙහෝවාගේ ක්‍රියා ගාණකටවත් ගන්නේ නැහැ.+ඔහුගේ දෑතින් කරපු දේවල් ගැන ඔවුන්ට කිසිම අගයක් නැහැ.+ දෙවියන් ඔවුන්ව බිමටම ඇදලා දානවා.ඔහු ආයේ කවදාවත් ඔවුන්ව නැඟිටුවන්නේ නැහැ.   යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා වේවා!මොකද ඔහු මගේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා.   මගේ ශක්තියත්+ මගේ පලිහත්+ යෙහෝවායි.මගේ මුළු හිතින්ම මම ඔහුව විශ්වාස කරනවා.+ ඔහුගේ උදව් මට ලැබුණ නිසා මගේ හිත සතුටින් පිරිලා.ඒ නිසා මම ගී ගයමින් ඔහුට ප්‍රශංසා කරනවා.   යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තියක්.තමන් අභිෂේක කරපු තැනැත්තාට ගැලවීම දෙන බලකොටුවක්.+   දෙවියනි, ඔබේ සෙනඟව ගලවගන්න. ඔබේ උරුමය වන ඔවුන්ට ආශීර්වාද කරන්න.+ එඬේරෙක් වගේ ඔවුන්ව රැකබලා ගෙන හැමදාටම ඔවුන්ව උසුලගෙන යන්න.+

පාදසටහන්