ගීතාවලිය 29:1-11

  • යෙහෝවාගේ ප්‍රබල හඬ

    • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (2)

    • “තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි” (3)

    • යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තිය දෙයි (11)

දාවිත් රචනා කරපු ගීතයක්. 29  බලවතුන්ගේ පුත්‍රයෙනි, යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+   යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න. ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.   යෙහෝවාගේ හඬ ජල කඳට* ඉහළින් ඇසෙයි.තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි.+ යෙහෝවා ජල කන්දරාවන්ට ඉහළින් ඉඳන් ඒවාට අණ දෙයි.+   යෙහෝවා දෙවියන්ගේ හඬ ප්‍රබලයි.+යෙහෝවාගේ හඬ ගරුබිය ඇති කරවයි.   යෙහෝවාගේ හඬ දේවදාර ගස් දෙපළු කරයි.යෙහෝවා ලෙබනොන්වල+ දේවදාර ගස් සුනුවිසුනු කරයි.   ඔහු නිසා ලෙබනොන්* වහු පැටියෙක් වගේ පැනපැන යයි.ඔහු සිරියොන් කන්ද+ කුළු හරකෙක් වගේ දුව පැන යන්න සලස්වයි.   යෙහෝවා දෙවියන් කතා කරද්දී අකුණු සැර විහිදෙයි.+   යෙහෝවාගේ හඬට පාළුකරය දෙදරුම් කයි.+යෙහෝවා කාදෙෂ් පාළුකරය දෙදරුම් කන්න සලස්වයි.+   යෙහෝවාගේ හඬට බය වෙලා මුවදෙනුන් පැටවුන් බිහි කරයි.වනාන්තර පාළු වෙලා යයි.+ දේවමාලිගාවේ ඉන්න හැමෝම “දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා කෑගසයි. 10  යෙහෝවා ඔහුගේ සිංහාසනය මහා ජල කන්දරාවට* ඉහළින් පිහිටෙව්වා.+යෙහෝවා සිංහාසනයේ ඉඳගෙන සදහටම රජකම් කරනවා.+ 11  යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+ සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+

පාදසටහන්

හෝ සමහරවිට, “ඔහු ශුද්ධකමින් බැබළෙන නිසා.”
පේන විදිහට මෙතන කතා කරන්නේ වැහි වලාවන් ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ ලෙබනොන් කඳුවැටිය ගැන.
හෝ, “අහසේ තියෙන ජල කන්දරාවට.”