ගීතාවලිය 3:1-8

  • අනතුරේ හිටියත් දෙවියන් ගැන විශ්වාසයෙන් ඉන්නවා

    • “මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?” (1)

    • ‘ගැලවීම දෙන්නේ යෙහෝවායි’ (8)

දාවිත් ඔහුගේ පුතා අබ්සලොම්ගෙන් පලා යද්දී රචනා කරපු ගීතයක්.+ 3  යෙහෝවා දෙවියනි, මට මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?+ මේ තරම් පිරිසක් මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?+   හුඟදෙනෙක් මං ගැන කියන්නේ “දෙවියන් එයාව බේරගන්නේ නැහැ”+ කියලයි. (සීලාහ්)*   ඒත් යෙහෝවා දෙවියනි,මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+   මම හඬ නඟලා යෙහෝවාට කතා කරනවා.ඔහුගේ ශුද්ධ කන්දේ+ ඉඳන් ඔහු මට උත්තර දෙනවා. (සීලාහ්)   මම සුවෙන් නිදාගන්නවා.කිසි කරදරයක් නැතුව ආයෙත් අවදි වෙනවා.මොකද යෙහෝවා මාව රැකබලා ගන්නවා.+   විරුද්ධකාරයන් දසදහසක් මාව වැටලුවත්මට බයක් දැනෙන්නේ නැහැ.+   අනේ යෙහෝවා, නැඟිට මගේ උදව්වට එන්න! මගේ දෙවියනි, මාව බේරගන්න!+මගේ සතුරන්ගේ හකු බිඳලා දාන්න.දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.+   යෙහෝවා දෙවියනි, ගැලවීම දෙන්නේ ඔබයි.+ ඔබේ සෙනඟට ඔබේ ආශීර්වාදය ලැබෙයි. (සීලාහ්)

පාදසටහන්