ගීතාවලිය 30:1-12

  • වැලපුණ කෙනා සතුටින් නටයි

    • දෙවියන්ගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා (5)

මාලිගාවේ* කැප කිරීම වෙනුවෙන් ගයන්න දාවිත් රචනා කරපු ගීතයක්. 30  යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරනවා. මොකද මගේ සතුරන්ට සතුටු වෙන්න ඉඩ නොදී+ ඔබ මාව විපතින් බේරගත්තා.   යෙහෝවා මගේ දෙවියනි, මං අඬඅඬ ඔබෙන් උදව් ඉල්ලද්දී ඔබ මාව සුව කළා.+   යෙහෝවා, ඔබ මාව මිනී වළෙන් ගොඩගත්තා.+ මට මරණය අද්දකින්න ඉඩ නොදී+ ඔබ මගේ ජීවිතේ රැක දුන්නා.   යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි,+ඔහුට ප්‍රශංසා ගී ගයන්න.* ඔහුගේ ශුද්ධ නමට*+ ස්තුති ප්‍රශංසා කරන්න.   ඔහු කේන්තියෙන් ඉන්නේ සුළු මොහොතකට විතරයි.+ඒත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා.+ රාත්‍රියේදී අඬන්න සිද්ධ වුණත් උදෑසන ප්‍රීතිය උදා වෙයි.+   කිසි කරදරයක් නැතුව ජීවිතේ ගෙවද්දී මං හිතුවේ “කවදාවත් මාව වට්ටන්න බැහැ”* කියලයි.   යෙහෝවා, ඔබේ කරුණාව මට ලැබුණ කාලේ මං කන්දක් වගේ ශක්තිමත්ව හිටියා.+ ඒත් ඔබ මගෙන් ඔබේ මූණ ඉවතට හරවද්දී මට ලොකු බයක් දැනුණා.+   යෙහෝවා දෙවියනි, මම ඔබට නොනවත්වා හඬගැසුවා.+කරුණාව ඉල්ලලා මම දිගින් දිගටම යෙහෝවාට ආයාචනා කළා.   මං මිය ගියොත් ඒකෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද?+ දූවිල්ල ඔබට ප්‍රශංසා කරයිද?+ ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද?+ 10  අනේ යෙහෝවා, මට ඇහුම්කන් දීලා කරුණාව පෙන්වන්න.+ යෙහෝවා දෙවියනි, ඇවිත් මට උදව් කරන්න.+ 11  වැලපෙමින් හිටපු මට ඔබ සතුටින් නටන්න සැලැස්සුවා.මං ඇඳන් හිටපු ගෝණි රෙදි ගලවලා මාව සතුට කියන ඇඳුම්වලින් සැරසුවා. 12  ඔබ එහෙම කළේ, නිහඬව ඉන්නේ නැතුව ඔබට ප්‍රශංසා ගී ගයන්න මට පුළුවන් වෙන්නයි.යෙහෝවා මගේ දෙවියනි, මම ඔබට සදහටම ප්‍රශංසා කරනවා.

පාදසටහන්

හෝ සමහරවිට, “දේවමාලිගාවේ.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
මූ.අ., “ඔහුගේ ශුද්ධකම සිහි කරලා.”
හෝ, “මම කවදාවත් වැටෙන්නේ නැහැ.”