ගීතාවලිය 31:1-24
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
31 යෙහෝවා දෙවියනි, මං රැකවරණය පැතුවේ ඔබෙන්.+
මට කවදාවත් ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+
ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒ නිසා මට ගැලවීම ලබා දෙන්න.+
2 ඔබේ දෙසවන් මං වෙතට යොමු කරන්න.*
ඉක්මනින් ඇවිත් මාව බේරගන්න.+
ආරක්ෂාව ලබා දෙන කන්දක් වෙලා මාව ගලවගන්න.බලකොටුවක් වෙලා මගේ ජීවිතේ රැක දෙන්න.+
3 මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+ඔබ මට මඟ පෙන්වලා මාව හරි මාර්ගයේ අරන් යනවා.+ඔබ එහෙම කරන්නේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+
4 දෙවියනි, මගේ රක්ෂස්ථානය ඔබයි.+මාව හසු කරගන්න ඔවුන් රහසින් එළපු දැලෙන් ඔබ මාව බේරගන්නවා.+
5 මම මගේ ජීවිතේ* ඔබේ අතට භාර දෙනවා.+
සත්‍යය පවසන* යෙහෝවා දෙවියනි, ඔබ මාව බේරගත්තා.+
6 කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ රූපවලට නමස්කාර කරන අයට මම වෛර කරනවා.මං විශ්වාසය තියන්නේ යෙහෝවා වන ඔබ මතයි.
7 ඔබ මට පෙන්වන නොසැලෙන ආදරේ නිසා මගේ හිත සතුටින් පිරිලා යනවා.මං වින්ද හැම දුකක්ම ඔබ දැක්කා.+මට දරාගන්න බැරි හැම වේදනාවක් ගැනම ඔබ හොඳින් දන්නවා.
8 ඔබ මාව සතුරාගේ අතට හසු කරලා දුන්නේ නැහැ.ඒ වෙනුවට ඔබ මාව ආරක්ෂිත තැනකට* අරන් ගියා.
9 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න. මගේ දුක මට දරාගන්න බැහැ.
මං විඳින වේදනාව නිසා මගේ ගතත් දෙනෙතත් දුර්වල වෙලා.+
10 ශෝකය නිසා මගේ ජීවිතේ කෙටි වෙලා.+අඬලා අඬලාම මගේ ජීවිතේ දවස් ගෙවිලා ගිහින්.+
මං කරපු වරද නිසා මගේ ශක්තිය හීන වෙලා.මගේ ඇටකටු එන්න එන්නම දුර්වල වෙනවා.+
11 මගේ සතුරන් හැමෝම මට නින්දා කරනවා.+මගේ අසල්වැසියන් මට අපහාස කරනවා.
මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+
12 මං හරියට මිය ගිය කෙනෙක් වගේ. ඔවුන්ට මාව අමතක වෙලා.ඔවුන් මාව හිතෙන් අයින් කරලා. මම හරියට බිඳුණු භාජනයක් වගේ.
13 හුඟදෙනෙක් මං ගැන නරක කටකතා පතුරුවනවා.හැම පැත්තෙන්ම එන තර්ජන නිසා+ මගේ හිත බයෙන් ගැහෙනවා.
ඔවුන් එකා මෙන් එකතු වෙලාමගේ ජීවිතේ නැති කරන්න කුමන්ත්‍රණය කරනවා.+
14 ඒත් යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි.+
“මගේ දෙවියන් ඔබයි” කියලා මම හැමෝටම ඇහෙන්න කියනවා.+
15 මගේ ජීවිතේ* තියෙන්නේ ඔබේ අතේ.
මගේ සතුරන්ගේ අතිනුත් මට පීඩා කරන අයගෙනුත් මාව බේරගන්න.+
16 ඔබේ සේවකයා ගැන ඔබ සතුටු වෙනවා කියලා පෙන්වන්න.+
ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මාව බේරගන්න.
17 අනේ යෙහෝවා, මං ඔබෙන් උදව් ඉල්ලද්දී මාව ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+
දුෂ්ටයන්ව ලැජ්ජාවට පත් කරන්න!+ ඔවුන්ව මිනී වළට යවලා නිහඬ කරන්න!+
18 බොරු කියන අයගේ කටවල් වසනු ලැබේවා!+ධර්මිෂ්ඨ කෙනාට විරුද්ධව උඩඟු, අපහාසාත්මක විදිහටබොරු කියන අයව නිහඬ කරනු ලැබේවා!
19 ඔබේ යහපත්කම මොන තරම්ද!+
ඔබ ගැන ගරුබියක් තියෙන අයට ආශීර්වාද කරන්න ඒ යහපත්කම ඔබ ගබඩා කරලා තියෙනවා.+ඔබේ රැකවරණය පතන අයට, මිනිසුන් හැමෝම ඉස්සරහා ඔබ ඔබේ යහපත්කම පෙන්වනවා.+
20 මිනිසුන් එකතු වෙලා ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරද්දීඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තියාගන්නවා.+මිනිසුන් ඔවුන්ට නින්දා කරද්දී*+ඔබේ ආරක්ෂිත ස්ථානයේ ඔවුන්ව සඟවලා තියාගන්නවා.
21 යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!මම හිටියේ වටලලා තිබුණ නගරයක.+ඒත් ඔබේ නොසැලෙන ආදරේ ඔබ පුදුමාකාර විදිහට මට පෙන්නුවා.+
22 මං කලබල වෙලා මෙහෙම කිව්වා.
“සතුරන් ඔබේ ඇස් ඉස්සරහම මාව මරලා දායි.”+
ඒත් උදව් ඉල්ලලා මං ඔබට කන්නලව් කරද්දී ඔබ මගේ හඬට සවන් දුන්නා.+
23 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි, ඔහුට ආදරේ කරන්න.+
තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.+ඒත් ඔහු උඩඟු අයට දරුණු විදිහට දඬුවම් කරනවා.+
24 යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න සියල්ලෙනි,+ධෛර්යවත්ව ඉන්න. කිසි දේකට බය වෙන්න එපා.+
පාදසටහන්
^ හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දෙන්න.”
^ හෝ, “විශ්වාසවන්ත.”
^ මූ.අ., “ජීවන හුස්ම.”
^ හෝ, “ඉඩකඩ තියෙන තැනකට.”
^ මූ.අ., “මගේ ජීවිතේ දවස්.”
^ මූ.අ., “මිනිසුන් ඔවුන්ට බණිද්දී.”