ගීතාවලිය 32:1-11

  • වරදට සමාව ලබන අය සන්තෝෂවත්

    • “මම මගේ වරද ගැන ඔබට කිව්වා” (5)

    • දෙවියන් වටහාගැනීමේ හැකියාව දෙනවා (8)

දාවිත් රචනා කරපු ගීයක්. මස්කිල්.* 32  වරදට සමාව ලැබුණ කෙනා සන්තෝෂවත්.දෙවියන් ඔහුගේ වරද මකලා දාන* නිසා ඔහු ඉන්නේ සතුටින්.+   වරදකරුවෙක් විදිහට යෙහෝවාගෙන් චෝදනා නොලබන කෙනා සන්තෝෂවත්.+හිතේ කිසිම වංචාවක් නැති කෙනා සන්තෝෂවත්.   මගේ වරද ගැන මං නිහඬව හිටපු කාලයේදීදවස පුරාම මට දැනුණ වේදනාව නිසා මගේ ඇටකටු දිරලා ගියා.+   ඔබ මං ගැන අසතුටින් හිටපු නිසා දිවා රෑ දෙකේම මගේ හිතට ලොකු බරක් දැනුණා.+ ගිම්හානයේ තද අව්වට තෙතමනය වියළී යනවා වගේ මගේ ශක්තියත් නැති වෙලා ගියා. (සීලාහ්)   අන්තිමේදී මම මගේ වරද ගැන ඔබට කිව්වා.කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දේම ඔබට කිව්වා.+ “මං කරපු වැරදි යෙහෝවා ඉස්සරහා පිළිගන්නවා” කියලා මං කිව්වා.+එතකොට ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.+ (සීලාහ්)   ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දැකලාඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී ඔබට යාච්ඤා කරයි.+ එතකොට මහා ජල කන්දරාවකටවත් ඔවුන් ළඟට යන්න බැහැ.   දෙවියනි, ආරක්ෂාව ලබන්න මං හැංගෙන්නේ ඔබ ළඟයි.විපත්තිවලින් ඔබ මාව ආරක්ෂා කරයි.+ ඔබ දෙන ගැලවීම නිසා ප්‍රීති ඝෝෂා මාව වට කරගනියි.+ (සීලාහ්)   ඔබ මට මෙහෙම කිව්වා. “යන්න ඕනෙ මාර්ගය මම ඔබට කියලා දෙන්නම්. වටහාගැනීමේ හැකියාවත් මම ඔබට ලබා දෙන්නම්.+මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්.+   ඒත් දැනුම් තේරුම් නැති අශ්වයෙක් වගේවත් කොටළුවෙක් වගේවත් වෙන්න එපා.+උන්ව ඔබ ළඟට ගන්න නම් කටකලියාවක් හරි පටියක් හරි දාලා උන්ව මෙල්ල කරන්න ඕනේ.” 10  දුෂ්ටයන්ට හුඟක් වේදනා විඳින්න වෙනවා.ඒත් යෙහෝවාව විශ්වාස කරන කෙනාට ඔහුගේ නොසැලෙන ආදරේ අද්දකින්න ලැබෙනවා.+ 11  ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා සතුටින් ඉපිල යන්න.අවංක හදවත් ඇති සියල්ලෙනි, සතුටින් හඬ නඟන්න.

පාදසටහන්

හෝ, “වරදට සමාව දෙන.” මූ.අ., “වහලා දාන.”