ගීතාවලිය 33:1-22
33 ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා හඬ නඟා සතුටු වෙන්න.+
අවංක සිත් තියෙන හැම කෙනෙක්ගෙන්ම ප්‍රශංසාව ලබන්න ඔහු වටිනවා.
2 කුඩා වීණාව වයමින් යෙහෝවාට ස්තුති කරන්න.විශාල වීණාව* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් මුළු හදවතින්ම තත් භාණ්ඩ වාදනය කරන්න.
4 යෙහෝවාගේ වදන් සත්‍යයයි.+ඔහු කරන හැම දේම නිවැරදියි කියලා විශ්වාස කරන්න පුළුවන්.
5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙක්.+
යෙහෝවාගේ නොසැලෙන ආදරය පොළොව පුරාම දැකගන්නපුළුවන්.+
6 යෙහෝවාගේ නියෝගයට අනුව අහස නිර්මාණය වුණා.+ඔහු ඒකේ තියෙන හැම දෙයක්ම* ඔහුගේ හුස්මෙන්* හැදුවා.
7 වේල්ලක් බඳිනවා වගේ ඔහු මුහුදු ජලය එක තැනකට සීමා කරනවා.+ඔහු විශාල ජල කඳන් ගබඩාවල රැස් කරගන්නවා.
8 පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගරුබිය දක්වන්න.+
පොළොවේ වැසියෙනි, ඔහු ගැන පුදුම වෙන්න.
9 මොකද ඔහු යම් දෙයක් කිව්ව ගමන්ම ඒක ඉටු වුණා.+ඔහු යමක් අණ කළාම ඒක ඒ විදිහටම සිද්ධ වුණා.+
10 යෙහෝවා ජාතීන්ගේ කුමන්ත්‍රණ බිඳලා දැම්මා.+ඔහු ජනයාගේ සැලසුම් අසාර්ථක කළා.+
11 ඒත් යෙහෝවා දෙවියන්ගේ තීරණ* සදහටම පවතිනවා.+පරම්පරා ගණනාවක් ගත වුණත් ඔහුගේ කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
12 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළි අරන් ඉන්න ජාතිය සන්තෝෂවත්.+දෙවියන් තමන්ගේ උරුමය විදිහට තෝරගත්ත සෙනඟ සන්තෝෂවත්.+
13 යෙහෝවා ස්වර්ගයේ ඉඳන් බලද්දීමිනිසුන් හැමෝවම දකිනවා.+
14 ඔහුගේ වාසස්ථානයේ ඉඳන්ඔහු පොළොවේ ජීවත් වෙන හැමෝම දිහා හොඳින් බලන් ඉන්නවා.
15 ඔහු ඔවුන්ගේ හදවත් සකස් කරනවා.ඔවුන් කරන හැම දෙයක්ම සෝදිසි කරලා බලනවා.+
16 විශාල යුද සේනාවක් හිටියා කියලා රජෙක්ට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.+කෙනෙක්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ඒ කෙනා ගැලවෙන්නෙත් නැහැ.+
17 අශ්වයන් ඉන්න නිසා ගැලවීම* ලැබෙයි කියලා හිතන එක මෝඩකමක්.+උන්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ගැලවීම ලැබෙන්නෙත් නැහැ.
18 යෙහෝවාගේ ඇස් ඔහු ගැන ගරුබියක් තියෙන අය වෙතටත්+ඔහුගේ නොසැලෙන ආදරේ ලබන්න ආශාවෙන් ඉන්න අය වෙතටත් යොමු වෙලා තියෙනවා.
19 ඒ, ඔවුන්ව මරණයෙන් බේරගන්නයි.සාගත කාලයේදී ඔවුන්ව ආරක්ෂා කරන්නයි.+
20 අපි යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අපිට උපකාර කරන කෙනාත් අපේ පලිහත් ඔහුයි.+
21 දෙවියන්ගේ ශුද්ධ නම ගැන අපිට විශ්වාසයි.+ඔහු අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්න සලස්වන්නේ ඒ නිසයි.
22 යෙහෝවා දෙවියනි, අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබ මතයි.+ඒ නිසා ඔබේ නොසැලෙන ආදරේ අපිට පෙන්වන්න.+
පාදසටහන්
^ මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයක්.”
^ මූ.අ., “සේනාවන්.”
^ හෝ, “බලයෙන්.”
^ හෝ, “උපදෙස්.”
^ හෝ, “ජය.”