ගීතාවලිය 34:1-22

  • යෙහෝවා ඔහුගේ සේවකයන්ව බේරගන්නවා

    • “අපි එකතු වෙලා ඔහුගේ නම ගෞරවයට පත් කරමු” (3)

    • යෙහෝවාගේ දූතයා ආරක්ෂා කරයි (7)

    • “යෙහෝවා කොයි තරම් යහපත්ද කියලා රස බලලා දැනගන්න” (8)

    • ‘ඔහුගේ ඇටකටු එකක්වත් බිඳෙන්නේ නැහැ’ (20)

දාවිත් අබිමෙලෙක් ඉස්සරහා සිහිවිකල් වුණ කෙනෙක් විදිහට හැසිරුණ වෙලාවේ+ ඔහු දාවිත්ව එතනින් පන්නලා දැම්මා. මේ, ඒ ගැන දාවිත් රචනා කරපු ගීයක්. א [ආලෙෆ්] 34  මම හැම වෙලාවකම යෙහෝවාට ප්‍රශංසා කරනවා.මගේ තොල්වලින් මම නිතරම ඔහුට ප්‍රශංසා කරනවා. ב [බේත්]   මම යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කරනවා.+නිහතමානී අය ඒක අහලා සතුටු වෙයි. ג [ගීමෙල්]   මාත් එක්ක එකතු වෙලා යෙහෝවාට ප්‍රශංසා කරන්න.+අපි එකතු වෙලා ඔහුගේ නම ගෞරවයට පත් කරමු. ד [දාලෙත්]   මම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලද්දී ඔහු මට සවන් දුන්නා.+ මම බයෙන් හිටපු හැම දේකින්ම ඔහු මාව නිදහස් කළා.+ ה [හේ]   ඔහු ගැන විශ්වාසය තියන අය සන්තෝෂවත්.*ඔවුන් කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. ז [ෂායින්]   අසරණ වෙලා හිටපු මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දුන්නා. හැම කරදරයකින්ම ඔහු මාව බේරගත්තා.+ ח [හෙත්]   යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේකඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+ ט [ටේත්]   යෙහෝවා කොයි තරම් යහපත්ද කියලා රස බලලා දැනගන්න.+ඔහුගේ රැකවරණය පතන කෙනා සන්තෝෂවත්. י [යෝද්]   පවිත්‍ර හදවතකින් යෙහෝවාට නමස්කාර කරන සියල්ලෙනි, ඔහු ගැන ගරුබියක් ඇතුව ඉන්න.ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ.+ כ [කෆ්] 10  තරුණ සිංහයෝ* වුණත් හාමතේ ඉන්නවා.ඒත් යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අයට යහපත් දේවලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ.+ ל [ලාමෙද්] 11  මගේ පුත්‍රයෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න මං ඔබට උගන්වන්නම්.+ מ [මෙම්] 12  ඔබ දිගු කාලයක් ජීවිතේ සතුටින් ගත කරන්න කැමතිද?+ נ [නුන්] 13  එහෙමනම් ඔබේ දිවෙන් නපුරු කතා කියන එකෙනුත්+ඔබේ තොල්වලින් අනුන්ව රවට්ටන එකෙනුත් වළකින්න.+ ס [සාමෙක්] 14  නපුරු දේ ඔබෙන් ඈත් කරගෙන යහපත් දේ කරන්න.+හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්නත්සාමය රැකගන්නත් ලොකු වෑයමක් දරන්න.*+ ע [ආයින්] 15  යෙහෝවා දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් වෙතටත්+ඔහුගේ කන් ඔවුන් හඬමින් කරන කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+ פ [පේ] 16  ඒත් නපුරු දේවල් කරන අයව යෙහෝවා ප්‍රතික්ෂේප කරනවා.ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+ צ [ට්සාධේ] 17  ධර්මිෂ්ඨයන් හඬ නඟද්දී යෙහෝවාට ඔවුන්ගේ හඬ ඇහුණා.+ඔවුන් අද්දකින හැම පීඩාවකින්ම ඔහු ඔවුන්ව ගලවගත්තා.+ ק [කෝෆ්] 18  යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා.+තැළුණු හදවත් තියෙන අයව* ඔහු බේරගන්නවා.+ ר [රේෂ්] 19  ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට* මුහුණ දෙන්න වෙනවා.+ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.+ ש [ෂින්] 20  දෙවියන් ඔහුගේ ඇටකටු සියල්ල ආරක්ෂා කරනවා.ඔහු ඒ එකක්වත් බිඳෙන්න දෙන්නේ නැහැ.+ ת [ටාව්] 21  ධර්මිෂ්ඨයාට වෛර කරන අයව වැරදිකරුවන් විදිහට තීන්දු කරයි.විපත්ති නිසා දුෂ්ටයා මරණයට පත් වෙයි. 22  ඒත් යෙහෝවා තමන්ගේ සේවකයන්ගේ ජීවිත බේරගන්නවා.ඔහුගේ රැකවරණය පතන කිසි කෙනෙක්වැරදිකරුවන් විදිහට දඬුවම් ලබන්නේ නැහැ.+

පාදසටහන්

හෝ, “ඔහුගේ මඟ පෙන්වීම් පතපු අය ආලෝකය ලැබුවා.”
හෝ, “කේශර සිංහයෝ.”
මූ.අ., “සාමය හොයාගෙන ඒක ලුහුබඳින්න.”
හෝ, “අධෛර්යය වුණ අයව.”
හෝ, “විපත්තිවලට.”