ගීතාවලිය 36:1-12

  • දෙවියන්ගේ නොසැලෙන ආදරේ ගොඩක් වටිනවා

    • දුෂ්ටයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ (1)

    • ජීවිතේ උල්පත දෙවියන් (9)

    • ‘ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය හඳුනගන්න පුළුවන්’ (9)

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙහෝවාගේ සේවකයෙක් වුණ දාවිත් රචනා කරපු ගීතයක්. 36  දුෂ්ටයාගේ හිතේ තියෙන පව්කාර සිතුවිලිවැරදි දේවල් කරන්න ඔහුව පොලඹවයි.දෙවියන් ගැන ඔහුට කිසිම ගරුබියක් නැහැ.+   ඔහු තමන් ගැන මහ ඉහළින් හිතන නිසාතමන් වරදක් කරනවා කියලා ඔහුට තේරෙන්නේ නැහැ.ඒ වරද පිළිකුල් කරන්නත් ඔහුට බැහැ.+   ඔහුගේ කටින් පිට වෙන්නේ වේදනාකාරී වචන.ඔහු කියන්නෙම අනිත් අයව රවට්ටන දේවල්.හරි දේ මොකක්ද කියලා තේරුම් අරන්ඒ දේ කරන්න ඔහුට හැකියාවක් නැහැ.   ඇඳේ ඉද්දීත් ඔහු සැලසුම් කරන්නේතව කෙනෙක්ට හානියක් කරන්නයි. ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.නපුර ප්‍රතික්ෂේප කරන්න ඔහු තුළ කිසි කැමැත්තක් නැහැ.   යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන නොසැලෙන ආදරයස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී යනවා.   ඔබේ ධර්මිෂ්ඨකම අලංකාර කඳු* වගෙයි.+ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය වගෙයි.+ යෙහෝවා, ඔබ මිනිසුන්වත් සතුන්වත් ආරක්ෂා කරනවා.*+   දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් වටිනවාද!+ මිනිසුන් ඔබේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා.+   ඔබේ ගෘහයේ තියෙන හොඳම දේවලින් ඔවුන් තෘප්තිමත් වෙනවා.+ඔවුන් ඇති වෙන කල් ඒ දේවල් පානය කරනවා.ගංගාවක් වගේ ගලා බසින ඔබේ යහපත්කමින්පානය කරන්න ඔබ ඔවුන්ට අවස්ථාව දෙනවා.+   ජීවිතයේ උල්පත ඔබයි.+ඔබෙන් ලැබෙන ආලෝකය නිසාආලෝකය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න අපිට පුළුවන් වුණා.+ 10  ඔබව හඳුනන අයට හැමදාටම ඔබේ නොසැලෙන ආදරය පෙන්වන්න.+හරි දේ කරන අයට දිගටම ඔබේ ධර්මිෂ්ඨකම දකින්න සලස්වන්න.+ 11  උඩඟු අයට මාව පාගලා දාන්න ඉඩ දෙන්න එපා.දුෂ්ටයන්ට මාව පන්නලා දාන්න ඉඩ දෙන්න එපා. 12  වැරදි කරන අය වැටිලා ගිහින්.ආයෙත් නැඟිටින්න බැරි වෙන්න ඔවුන්ව බිමටම ඇදලා දාලා.+

පාදසටහන්

හෝ, “බේරගන්නවා.”
මූ.අ., “දෙවියන් නිර්මාණය කරපු කඳු.”