ගීතාවලිය 37:1-40

  • යෙහෝවාව විශ්වාස කරන අය ආශීර්වාද ලබයි

    • දුෂ්ටයන් නිසා අධෛර්යය වෙන්න එපා (1)

    • “යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න” (4)

    • “ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” (5)

    • “නිහතමානී අය පොළොව උරුම කරගන්නවා” (11)

    • ධර්මිෂ්ඨ කෙනා කෑම හිඟා කන්නේ නැහැ (25)

    • ධර්මිෂ්ඨයෝ පොළොවේ සදාකාලයටම ජීවත් වෙනවා (29)

දාවිත් රචනා කරපු ගීයක්. א [ආලෙෆ්] 37  දුෂ්ටයන් කරන දේවල් නිසා අධෛර්යය වෙන්න එපා.*වැරදි දේවල් කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+   තණකොළ ඉක්මනින් වියළී යනවා වගේ ඔවුන් නැති වෙලා යයි.+නිල් තණකොළ මැලවිලා යනවා වගේ ඔවුනුත් පහ වෙලා යයි. ב [බේත්]   යෙහෝවාව විශ්වාස කරලා හරි දේ කරන්න.+පොළොවේ ජීවත් වෙන කල් විශ්වාසවන්තව වැඩ කරන්න.+   යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න.එතකොට ඔහු ඔබේ හිතේ ආශාවන් ඉටු කරලා දෙයි. ג [ගීමෙල්]   ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න.*+ඔහු මත රඳා ඉන්න. ඔහු ඔබ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනියි.+   ඔහු ඔබේ ධර්මිෂ්ඨකම අරුණාලෝකය වගෙත්ඔබේ යුක්තිය මහ දවාලේ බැබළෙන හිරු වගෙත්පැහැදිලිව පෙනෙන්න සලස්වයි. ד [දාලෙත්]   යෙහෝවා පියවර ගන්න කල්නිහඬව* බලාගෙන ඉන්න.+ දුෂ්ටයාගේ සැලසුම් සාර්ථක වෙනවා දැක්කත්ඒ ගැන කේන්ති ගන්න එපා.+ ה [හේ]   කේන්තිය ඔබෙන් ඈත් කරන්න.කෝප වෙන එක අත්හරින්න.+කේන්ති අරන් දුෂ්ට දේවල් කරන්න හිතන්න එපා.*   මොකද දුෂ්ට අය නැත්තටම නැති වෙලා යනවා.+ඒත් යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන අයපොළොව උරුම කරගන්නවා.+ ו [වාව්] 10  තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා.+ඔබ ඔහුව හෙව්වත් ඔහුව හොයාගන්න බැරි වෙනවා.+ 11  ඒත් නිහතමානී අය පොළොව උරුම කරගන්නවා.+හැම තැනම පැතිරිලා තියෙන සාමය නිසා ඔවුන් සතුටින් ඉපිලයනවා.+ ז [ෂායින්] 12  දුෂ්ටයා තරහෙන් දත්මිටි කමින්ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරයි.+ 13  ඒත් යෙහෝවා ඔහු දිහා බලලා හිනා වෙනවා.මොකද දුෂ්ටයා විනාශ වෙන දවස එනවා කියලා දෙවියන් දන්නවා.+ ח [හෙත්] 14  අසරණයාව සහ දුප්පතාව තව තවත් පාගලා දාන්නත්අවංකව ජීවත් වෙන අයව මරලා දාන්නත්දුෂ්ටයෝ කඩුව එළියට ඇදලා, දුන්න සූදානම් කරගන්නවා. 15  ඒත් ඔවුන්ගේ කඩු ඔවුන්ගෙම හදවත් පසාරු කරගෙන යයි.+ඔවුන්ගේ දුනු කැඩිලා යයි. ט [ටේත්] 16  දුෂ්ටයන් හුඟදෙනෙක් ළඟ තියෙන බොහෝ ධන සම්පත්වලට වඩාඑක ධර්මිෂ්ඨයෙක් ළඟ තියෙන ස්වල්පය වටිනවා.+ 17  මොකද දුෂ්ටයන්ගේ බලය බිඳලා දානවා.ඒත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා උදව් කරනවා. י [යෝද්] 18  නිර්දෝෂ අය අද්දකින දුක් පීඩා ගැන යෙහෝවා හොඳින්ම දන්නවා.ඔවුන්ගේ උරුමය සදහටම පවතිනවා.+ 19  විපත්ති කාලේදී ඔවුන් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.සාගත කාලේදීත් ඔවුන්ට කිසිම දේකින් අඩුවක් වෙන්නේ නැහැ. כ [කෆ්] 20  ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේයෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා. ל [ලාමෙද්] 21  දුෂ්ටයා ණයට ගත්ත දේත් ගෙවන්නේ නැහැ.ඒත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලියි.* පුරුද්දක් විදිහට අනිත් අයට දේවල් දෙනවා.+ 22  දෙවියන්ගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගන්නවා.ඒත් ඔහුගෙන් දඬුවම් ලබන අය* විනාශ වෙලා යනවා.+ מ [මෙම්] 23  කෙනෙක් ජීවත් වෙන විදිහ ගැන යෙහෝවා සතුටු වෙද්දී+ජීවන ගමනේ පියවර තියන විදිහ ගැන දෙවියන් ඔහුට කියලා දෙනවා.*+ 24  ඔහුගේ පය පැටලුණත් ඔහු බිමටම වැටෙන්නේ නැහැ.+මොකද යෙහෝවා ඔහුගේ අත අල්ලගෙන ඉන්නවා.+ נ [නුන්] 25  දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+ 26  ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා. ס [සාමෙක්] 27  නපුරෙන් ඈත් වෙලා යහපත් දේවල් කරන්න.+එතකොට ඔබට සදහටම ජීවත් වෙන්න ලැබෙයි. 28  මොකද යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+ ע [ආයින්] ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+ 29  ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා.+ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.+ פ [පේ] 30  ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.*ඔහුගේ දිවෙන් නික්මෙන්නේ සාධාරණ වචන.+ 31  ඔහුගේ දෙවියන්ගේ නීතිය හැම වෙලේම ඔහු හදවතේ තියාගන්නවා.+ඒ නිසා ඔහුගේ පය ලිස්සන්නේ නැහැ.+ צ [ට්සාධේ] 32  දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව අහු කරගන්න බලන් ඉන්නවා.ඔහුව මරලා දාන්න මාන බලනවා. 33  ඒත් යෙහෝවා ඔහුව දුෂ්ටයාගේ අතට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+මිනිසුන් අසාධාරණ විදිහට චෝදනා කළත්දෙවියන් ඔහුව වරදකරුවෙක් විදිහට තීන්දු කරන්නේ නැහැ.+ ק [කෝෆ්] 34  යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා දිගටම ඔහු පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.එතකොට ඔහු ඔබව උසස් කරලා ඔබට පොළොව උරුම කරලා දෙනවා. දුෂ්ටයන්ව විනාශ කරද්දී+ ඔබ ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+ ר [රේෂ්] 35  සරු පසක හිටවපු ගසක් අතුපතර විහිදුවලා සරුවට වැඩෙනවා වගේදුෂ්ට, කුරිරු අය සාර්ථක වෙනවා මම දැකලා තියෙනවා.+ 36  ඒත් ඔවුන් එකපාරටම විනාශ වෙලා ගියා.+ඔවුන්ව හෙව්වත් මට ඔවුන්ව හොයාගන්න බැරුව ගියා.+ ש [ෂින්] 37  නිර්දෝෂ* කෙනා+ දිහාත්අවංකව වැඩ කරන කෙනා දිහාත් බලන්න.ඔහුට සාමයෙන් පිරුණු අනාගතයක් ලැබෙනවා.+ 38  ඒත් දෙවියන්ගේ නීති කඩන හැමෝම විනාශ වෙනවා.දුෂ්ටයන්ට කිසිම අනාගතයක් නැහැ.+ ת [ටාව්] 39  ධර්මිෂ්ඨයාට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්.+දුක් කරදර තියෙන කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුයි.+ 40  යෙහෝවා ඔවුන්ට උදව් කරලා ඔවුන්ව බේරගන්නවා.+ ඔවුන් දෙවියන්ගේ රැකවරණය පතන නිසා+ ඔහුදුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්නවා. ඔවුන්ව ආරක්ෂා කරනවා.

පාදසටහන්

හෝ, “කේන්ති ගන්න එපා.”
මූ.අ., “යෙහෝවා පිට තියන්න.”
හෝ, “ඉවසීමෙන්.”
හෝ සමහරවිට, “කේන්ති ගන්න එපා. ඒකෙන් වෙන්නේ නපුරක් විතරයි.”
හෝ, “කරුණාව පෙන්වයි.”
මූ.අ., “ඔහු ශාප කරන අය.”
හෝ, “දෙවියන් ඔහුගේ පියවර ස්ථිර කරනවා.”
හෝ, “ණයට දෙනවා.”
හෝ, “ධර්මිෂ්ඨයා ඔහුට විතරක් ඇහෙන තරම් සිහින් හඬකින් ප්‍රඥාවන්ත වදන් කියයි.”
හෝ, “විශ්වාසවන්ත.”