ගීතාවලිය 4:1-8

  • විශ්වාසය ගැන යාච්ඤාවක්

    • “හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා” (4)

    • “මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා” (8)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්. 4  මගේ දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+මම ඔබට හඬගසද්දී මට උත්තර දෙන්න. විපතේදී මට ගැලවෙන්න මාර්ගයක් පෙන්වලා දෙන්න.මට කරුණාව පෙන්වලා මගේ යාච්ඤාවට සවන් දෙන්න.   ජනයෙනි, ඔබ තව කොච්චර කාලයක් මට අගෞරව කරනවාද? කිසි වැඩකට නැති දේවලට ආස කරනවාද?ඔබ තව කොච්චර කාලයක් බොරුව පස්සේ යනවාද? (සීලාහ්)   මේ දේ හිතට ගන්න. යෙහෝවා අනිවාර්යයෙන්ම ඔහුට විශ්වාසවන්තව ඉන්න අයටවිශේෂ ආදරයක් පෙන්වනවා.* මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දෙනවා.   ඔබේ හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා.+ හිතට එන දේ හිතේම තියාගෙන නිහඬව ඉන්න.ඇඳේ තනියෙන් ඉද්දී ඒ දේ ඔබටම කියාගන්න. (සීලාහ්)   පවිත්‍ර හිතකින් පූජා ඔප්පු කරන්න.යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න.+   “අපි වෙනුවෙන් යහපතක් කරන්න ඉන්නේ කවුද” කියලා හුඟදෙනෙක් අහනවා. අනේ යෙහෝවා, අපිට ඔබේ කරුණාව දකින්න සලස්වන්න.+   ඔබ මගේ හිත සතුටින් පිරිලා යන්න සැලැස්සුවා.මට දැනෙන්නේ ධාන්‍යයි, අලුත් වයිනුයි පිරිලා ඉතිරිලා යද්දීමිනිසුන්ට දැනෙන සතුටටත් වඩා ලොකු සතුටක්.   මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා.+යෙහෝවා දෙවියනි, මම කිසිම බයක් නැතුව ජීවත් වෙන්නේ ඔබ නිසයි.+

පාදසටහන්

හෝ, “ගෞරවයට පත් කරනවා; තමන්ගේ සේවය වෙනුවෙන් වෙන් කරනවා.”