ගීතාවලිය 41:1-13

  • ලෙඩ ඇඳේ ඉද්දී කරපු යාච්ඤාවක්

    • දෙවියන් අසනීපයෙන් ඉන්න අයට ශක්තියක් වෙනවා (3)

    • කිට්ටුම යාළුවෙක් ද්‍රෝහි වෙයි (9)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 41  අසරණයා ගැන සැලකිලිමත් වෙන කෙනා සන්තෝෂවත්.+ඔහු දුක් කරදරවලට මුහුණ දෙද්දී යෙහෝවා ඔහුව ගලවගන්නවා.   යෙහෝවා ඔහුව ආරක්ෂා කරලා ඔහුගේ ජීවිතය රැක දෙනවා. ඔහු සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් කියලා හැමෝම කියයි.+ඔබ කවදාවත් ඔහුට ඔහුගේ සතුරන් අතට* අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+   ඔහු අසනීප වෙලා ඇඳේ ඉද්දී යෙහෝවා ඔහුට ශක්තියක් වෙනවා.+ලෙඩ ඇඳේ ඉන්න කාලේ පුරාම දෙවියන් ඔහුව හොඳින් බලාගන්නවා.   “අනේ යෙහෝවා, මට කරුණාව පෙන්වන්න.+ මාව සුව කරන්න.+ මොකද මම ඔබට විරුද්ධව පව් කළා”+ කියලා මම කිව්වා.   ඒත් මගේ සතුරන් මං ගැන නපුරු කතා කියනවා. “ඔහු ඉක්මනටම මැරිලා හැමෝටම ඔහුව අමතක වෙලා යනවා නම් කොච්චර හොඳද” කියලා ඔවුන් කියනවා.   ඔවුන්ගෙන් කෙනෙක් මගේ සුව දුක් විමසන්න ආවත් ඒ අවංක හිතකින් නම් නෙවෙයි. ඔහු මං ගැන වැරදි තොරතුරු එකතු කරගෙනතැනින් තැන ගිහින් ඒවා පතුරුවනවා.   මට වෛර කරන හැමෝම එකතු වෙලා රහසින් මං ගැන කතා කරනවා.ඔවුන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරකර මෙහෙම කියනවා.   “ඔහුට හරිම දරුණු ලෙඩක් හැදිලා.ලෙඩ ඇඳේ ඉන්න ඔහුට ආයෙත් නම් නැඟිටින්න බැරි වෙයි.”+   මං විශ්වාස කරපු,+ මාත් එක්ක එකට ඉඳගෙන කෑම කාපුමගේම යාළුවා මට ද්‍රෝහි වුණා.*+ 10  අනේ යෙහෝවා, මට අනුකම්පා කරලා මාව නැඟිටුවන්න.එතකොට ඔවුන් කරපු දේවලට නිසි දඬුවම් දෙන්න මට පුළුවන් වෙයි. 11  මගේ සතුරන්ට මාව පරාජය කරලා ජය සමරන්න දෙන්න එපා. එතකොට මං දන්නවා ඔබ මං ගැන සතුටු වෙනවා කියලා.+ 12  මං ඔබට විශ්වාසවන්තව ඉන්න නිසා ඔබ මාව උසුලනවා.+හැමදාටම ඔබ ළඟින්ම ඉන්න ඔබ මට අවස්ථාව දෙනවා.+ 13  ඊශ්‍රායෙලයේ දෙවි යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!+ ආමෙන්! ආමෙන්!*

පාදසටහන්

හෝ, “සතුරන්ගේ ආශාවට.” හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “මට පයින් ගහන්න ලෑස්ති වුණා.”
හෝ, “එසේම වේවා! එසේම වේවා!”