ගීතාවලිය 42:1-11

  • ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වන දෙවියන්ට ප්‍රශංසා කිරීම

    • මුවෙක් වතුර හොයාගෙන යනවා වගේ දෙවියන් ළඟට යන්න නොඉවසිල්ලෙන් ඉන්නවා (1, 2)

    • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5, 11)

    • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5, 11)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ+ ගීතයක්. මස්කිල්.* 42  ගලාගෙන යන දිය දහරා ළඟට යන්න මුවෙක් ලොකු ආශාවකින් ඉන්නවා වගේදෙවියනි, මමත් ඉන්නේ ඔබ ළඟට එන්න ලොකු ආශාවකින්.   පිපාසයෙන් ඉන්න කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේජීවමාන දෙවියන් ළඟට යන්න මමත් ඉන්නේ නොඉවසිල්ලෙන්.+ අනේ දෙවියනි, මට ඔබ ඉස්සරහට එන්න ලැබෙන්නේ කවදාද?+   දිවා රෑ දෙකේම මගේ කුස පිරුණේ මගේම කඳුළුවලින්.“කෝ ඔබේ දෙවියන්”+ කියකිය මිනිසුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.   උත්සව සමරන සෙනඟත් එක්ක දෙවියන්ගේ ගෘහයට ගිය කාලේ මතක් වෙද්දී+මගේ හිතට* දැනෙන වේදනාව මං හංගන්නේ නැතුව ඔබට කියනවා.ප්‍රීති ඝෝෂා සහ ස්තුති ප්‍රශංසා මැද්දේමම සෙනඟ ඉස්සරහින් ගිය විදිහ මට අමතක වෙන්නේ නැහැ.   ඒත් ඇයි දැන් මං කනස්සල්ලෙන් ඉන්නේ?+ ඇයි මං නොසන්සුන්ව ඉන්නේ? දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි.ඒ නිසා මම දිගටම ඔහුට ප්‍රශංසා කරනවා.+   අනේ මගේ දෙවියනි, මං ඉන්නේ ලොකු කනස්සල්ලකින්.+ යොර්දාන් දේශයේ ඉද්දීත්හෙර්මොන් කඳු මුදුන්වල ඉද්දීත්මිසා* කන්දේ ඉද්දීත් මට ඔබව මතක් වෙන්නේ ඒ නිසයි.+   වේගයෙන් ඇද හැලෙන ජල කන්දරාවක හඬ මට ඇහෙනවා.ඒ හඬ එන්නේ ඔබේ දිය ඇලිවලින්. ඔබ දෙසින් එන දැවැන්ත රළ පහර මාව වසාගන්නවා.+   මම දවස පුරාම යෙහෝවාගේ නොසැලෙන ආදරේ අද්දකිනවා.රෑ තිස්සේ මම ඔහුට ප්‍රශංසා ගී ගයනවා.මට ජීවිතය දුන්න දෙවියන්ට මම යාච්ඤා කරනවා.+   මගේ පර්වතය වන දෙවියන්ගෙන් මම මෙහෙම අහනවා. “ඔබ මාව අමතක කළේ ඇයි?+ මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?”+ 10  මගේ සතුරන් මාව මරන්න තරම් කේන්තියකින්* මට නින්දා කරනවා.“කෝ ඔබේ දෙවියන්”+ කියකිය ඔවුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා. 11  ඒත් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ? දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි. මගේ දෙවියනුත් ඔහුයි.ඒ නිසා මම ඔහුට දිගටම ප්‍රශංසා කරනවා.+

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “කුඩා.”
හෝ සමහරවිට, “මගේ ඇටකටු බිඳලා දානවා වගේ.”