ගීතාවලිය 43:1-5

  • විනිශ්චයකරු වන යෙහෝවා බේරගන්නවා

    • ‘ඔබේ ආලෝකය දෙන්න. ඔබේ සත්‍ය වදන් උගන්වන්න’ (3)

    • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5)

    • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5)

43  දෙවියනි, මාව විනිශ්චය කරන්න.+විශ්වාසය කඩ කරපු ජාතියකට විරුද්ධව තියෙන මේ නඩුවේදී මං වෙනුවෙන් පෙනී ඉන්න.+ වංචාකාරී, අධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් මාව බේරගන්න.   මගේ දෙවියන් ඔබයි, මගේ රක්ෂස්ථානයත් ඔබයි.+ ඒත් ඔබ මාව අත්හැරලා දැම්මේ ඇයි? මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?+   ඔබේ ආලෝකය මට ලබා දෙන්න. ඔබේ සත්‍ය වදන් මට උගන්වන්න.+ ඒවායින් මට මඟ පෙන්වීම් ලැබේවා!+ඔබේ ශුද්ධ කන්දටත් ඔබේ තේජවත් කූඩාරමටත් යන්න ඒවා මට උදව් වේවා!+   එතකොට මම දෙවියන්ගේ පූජාසනය ළඟට යනවා.+මගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරී යන්න සලස්වන දෙවියන් ළඟට යනවා. දෙවියනි, මගේ දෙවියනි, වීණාව වයමින් මම ඔබට ප්‍රශංසා කරනවා.+   ඉතින් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ? දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි. මගේ දෙවියනුත් ඔහුයි.ඒ නිසා මම ඔහුට දිගටම ප්‍රශංසා කරනවා.+

පාදසටහන්