ගීතාවලිය 44:1-26

  • උදව් ඉල්ලලා කරන යාච්ඤාවක්

    • “අපිව බේරගත්තේ ඔබයි” (7)

    • “මරණයට නියම කරපු බැටළුවන් වගේ” (22)

    • “නැඟිටලා අපිට උදව් කරන්න” (26)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්+ රචනා කරපු ගීයක්. මස්කිල්.* 44  දෙවියනි, ඈත අතීතයේදී ඔබ කරපු දේවල් ගැන අපි අහලා තියෙනවා.අපේ මුතුන්මිත්තන් ඔවුන්ගේ කාලයේදී ඔබ කරපු දේවල් ගැන අපිට කියලා තියෙනවා.+   ඔබ සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් එළවලා දැම්මා.+ජාතීන්ව පරාජය කරලා දේශයෙන් පන්නලා දැම්මා.+ ඔවුන්ගේ දේශයේ අපේ මුතුන්මිත්තන්ව පදිංචි කළා.+   ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගෙම කඩුවෙන් නෙවෙයි.+සතුරන්ව පැරැද්දුවේ ඔවුන්ගෙම බලයෙන් නෙවෙයි.+ ඔවුන් ජය ගත්තේ ඔබේ දකුණතින්, ඔබේ බලයෙන්+ සහ ඔබේ ආශීර්වාදයෙන්.මොකද ඔබ ඔවුන්ට හුඟක් ආදරේ කළා.+   දෙවියනි, මගේ රජ ඔබයි.+අණක් දීලා යාකොබ්ට විශිෂ්ට ජයක් අත් කරලා දෙන්න.   ඔබේ බලයෙන් අපි අපේ සතුරන්ව පන්නලා දානවා.+ඔබේ නම ගැන විශ්වාසය තියලා අපේ විරුද්ධකාරයන්ව පාගලා දානවා.+   මගේ දුන්න ගැන මම විශ්වාසය තියන්නේ නැහැ.මගේ කඩුවට මාව බේරගන්න බැහැ කියලත් මම දන්නවා.+   අපේ සතුරන්ගෙන් අපිව බේරගත්තේ ඔබයි.+අපිට වෛර කරපු අයව ලැජ්ජාවට පත් කළේ ඔබයි.   දෙවියනි, දවස පුරාම අපි ඔබට ප්‍රශංසා කරනවා.සදහටම අපි ඔබේ නමට ස්තුති ප්‍රශංසා කරනවා. (සීලාහ්)   ඒත් දැන් ඔබ අපිව අත්හැරලා දාලා. අපිව නින්දාවට පත් කරලා.ඔබ අපේ හමුදාවන්ට උදව් කරන්නෙත් නැහැ. 10  ඒ නිසා අපිට අපේ සතුරන්ගෙන් පලා දුවන්න වෙලා.+අපිට වෛර කරන අය හිතේ හැටියට අපේ වස්තුව කොල්ල කනවා. 11  අපිව බැටළුවන් වගේ මරාගෙන කන්න ඔබ ඔවුන්ට ඉඩ දීලා.ජාතීන් අතරේ ඔබ අපිව සීසීකඩ යවලා.+ 12  ඔබ ඔබේ සෙනඟව හරිම සුළු මුදලකට විකුණුවා.+ඒකෙන් ඔබට කිසිම ලාභයක් ලැබුණෙත් නැහැ. 13  ඔබ අපිව අපේ අසල්වාසීන් ඉස්සරහා නින්දාවට පත් කරනවා.ඒ නිසා අපේ වටේ ඉන්න හැමෝම අපිට හිනා වෙවී ඔච්චම් කරනවා. 14  අපිව ජාතීන් අතරේ නින්දාවට පත් වෙන්න ඔබ ඉඩහැරියා.+ඔළුව වනවන අපිට සමච්චල් කරන්නත් ඔබ ඔවුන්ට ඉඩහැරියා. 15  ඔවුන් කරන නින්දා නිසා දවස පුරාම මට ලොකු ලැජ්ජාවක් දැනෙනවා.කාටවත් මූණ දෙන්න බැරුව මං මූණ හංගගන්නවා. 16  අපෙන් පළිගන්න සතුරන් නිසාත්ඔවුන් කරන නින්දා, අපහාස නිසාත් මම ලැජ්ජාවෙන් මූණ වහගන්නවා. 17  මේ හැම දේම වුණත් අපි ඔබව අමතක කළේ නැහැ.ඔබ අපිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම අපි කඩ කළේ නැහැ.+ 18  අපි ඔබට ද්‍රෝහි වුණේවත්ඔබේ මාවතෙන් ඉවතට ගියේවත් නැහැ. 19  ඒත් ඔබ අපිට පහර දීලා හිවලුන් ඉන්න තැන්වල අපිව අත්හැරලා ගියා.ඝන අන්ධකාරයේ අපිව අතරමං කළා. 20  අපිට අපේ දෙවියන්ගේ නම අමතක වුණා නම්,අපි වෙනත් දෙවි කෙනෙක් ඉස්සරහා අත් ඔසවලා යාච්ඤා කළා නම්, 21  දෙවියන් ඒ ගැන දන්නේ නැද්ද? අපේ හිතේ තියෙන හැම රහසක් ගැනම දෙවියන් දන්නවා.+ 22  අපි ඔබේ සෙනඟ නිසා අපේ ජීවිත හැම දවසකම තියෙන්නේ අවදානමේ.අපි හරියට මරණයට නියම කරපු බැටළුවන් වගේ.+ 23  යෙහෝවා දෙවියනි, අපි වෙනුවෙන් නැඟී සිටින්න.ඔබ දිගටම නිදාගෙන ඉන්නේ ඇයි?+ අවදි වෙන්න. හැමදාටම අපිව අත්හැරලා දාන්න එපා.+ 24  ඔබේ මුහුණ අපෙන් ඉවතට හරවගන්නේ ඇයි? අපි විඳින දුක් කරදර, පීඩා ඔබ අමතක කරලා දාන්නේ ඇයි? 25  සතුරන් අපිව දූවිල්ලටම ඇදලා දාලා.කිසිම දෙයක් කරකියාගන්න බැරුව අපි බිම වැතිරිලා ඉන්නවා.+ 26  දෙවියනි, නැඟිටලා අපිට උදව් කරන්න.+ ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව බේරගන්න.+

පාදසටහන්