ගීතාවලිය 45:1-17

  • අභිෂේක ලබපු රජගේ විවාහ උත්සවය

    • මිහිරි වදන් (2)

    • ‘සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්’ (6)

    • මනාලියගේ ලස්සනට රජුගේ හිත ඇදිලා යනවා (11)

    • පුතුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි (16)

සංගීත අධ්‍යක්ෂක වෙත. “ලිලී මල්” කියන තාලයට ගායනා කරන්න. කෝරාගේ පුතුන්ගේ+ ගීයක්. මස්කිල්.* ආදර ගීයක්. 45  හොඳ ආරංචියක් නිසා මගේ හිත සතුටින් පිරිලා. මං මේ ගයන්න යන ගීය රජෙක් ගැනයි.+ මගේ දිව දක්ෂ පිටපත්කරුවෙක්ගේ+ පන්හිඳ*+ වගේ වේවා!   රජ්ජුරුවනි, ඔබ අනිත් හැම පුරුෂයෙක්ටම වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙක්. ඔබේ මුවින් පිට වෙන වදන් කොයි තරම් මිහිරිද!+ දෙවියන් ඔබට සදහටම ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+   බලවත් තැනැත්තාණෙනි,+ ඔබේ කඩුව ඉණේ බැඳගන්න.+ගෞරවයත් තේජසත් පැලඳගන්න.+   තේජශ්‍රීයෙන් ඉදිරියට ගිහින් ජයග්‍රහණය අත් කරගන්න.+අසු පිට නැඟලා, නිහතමානී අය වෙනුවෙනුත්ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙනුත් සටන් කරන්න.+ඔබේ දකුණතින් ඔබ හිතාගන්නවත් බැරි පුදුම දේවල් කරනවා.*   ඔබේ ඊතල තියුණුයි. ඒවා රජුගේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යනවා.+ජනයා ඔබේ පාමුල ඇද වැටෙනවා.+   සදාකාලයෙන් සදාකාලයටම සිංහාසනය ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි.+   ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා+ දුෂ්ටකමට පිළිකුල් කරනවා.+ ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන්+ අභිෂේක කළෙත්+ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.   ඔබේ ඇඳුම්වලින් සුවඳ ලාටු, අගිල් සහ දවුල් කුරුඳුවල සුවඳ නික්මෙනවා.ඇත්දළවලින් අලංකාර කරපු මාලිගාවෙන් ඇහෙන සංගීතයෙන් ඔබ සතුටු වෙනවා.   ඔබේ ගෞරවය දිනාගත්ත කාන්තාවන් අතරේ රජවරුන්ගේ දූවරුත් ඉන්නවා. ඕෆීර් දේශයෙන් ගෙනාපු රන් ආභරණවලින්+ සැරසුණු රැජින ඔබේ දකුණු පැත්තේ ඉන්නවා. 10  දියණියනි, ඇහුම්කන් දෙන්න. ඔබේ සවන් යොමු කරන්න.ඔබේ පියාගේ නිවසත් ඔබේ සෙනඟවත් අමතක කරන්න. 11  ඔබේ ලස්සනට රජුගේ හිත ඇදිලා යනවා.මොකද ඔබේ ස්වාමියා ඔහුයි.ඒ නිසා ඔහු ඉදිරියේ දණ නමන්න. 12  තීර් දියණිය තෑග්ගක් අරන් ඔබ ඉස්සරහට එයි.ධනවත්ම අය ඔබේ අනුමැතිය දිනාගන්න උත්සාහ කරයි. 13  රජමාලිගාවේ ඉන්න රජුගේ දියණියට තියෙන්නේ කියාගන්න බැරි තරම් ලස්සනක්.ඇය ඇඳන් ඉන්නේ රන් නූල්වලින් වැඩ දාපු ඇඳුම්. 14  ඉස්තරම්ම* සළුපිළිවලින් සැරසිලා ඉන්න ඇයව රජු ඉස්සරහට අරන් එයි. ඇයත් එක්ක එන ඇගේ යෙහෙළියන්වත්* රජු ඉස්සරහට අරන් එයි. 15  ඔවුන්ව අරන් එද්දී හැමෝම ප්‍රීති ඝෝෂා නඟමින් සතුටු වෙයි.ඔවුන් රජුගේ මාලිගාවට ඇතුල් වෙයි. 16  රජ්ජුරුවනි, ඔබේ පුතුන් ඔබේ මුතුන්මිත්තන්ගේ තැන ගනියි. ඔබ ඔවුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි.+ 17  ඉදිරි පරම්පරාවල අයට මම ඔබේ නම ගැන ප්‍රකාශ කරනවා.+ සදාකාලයෙන් සදාකාලයට ජනයා ඔබට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි.

පාදසටහන්

හෝ, “පෑන.”
මූ.අ., “උගන්වනවා.”
හෝ සමහරවිට, “වැඩ දාපු.”
මූ.අ., “කන්‍යා තරුණියන්ව.”