ගීතාවලිය 46:1-11

  • ‘අපේ රැකවරණය දෙවියන්’

    • දෙවියන්ගේ පුදුම ක්‍රියා (8)

    • දෙවියන් පොළොව පුරාම යුද්ධ නවත්තලා දානවා (9)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ ගීතයක්.+ ඇලමොත්* ස්වරයෙන් ගායනා කරන්න. 46  දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+   පොළොව කම්පා වුණත්කඳු මහ මුහුදට කඩන් වැටුණත්+ අපි බය වෙන්නේ නැහැ.   මුහුද කැලඹිලා වේගයෙන් රළ ගැහුවත්+ඒ රළ පහරට කඳු දෙදරුම් කෑවත් අපිට කිසි බයක් දැනෙන්නේ නැහැ. (සීලාහ්)   එක ගංගාවක් තියෙනවා. ඒකෙන් ගලා බසින අතු ගංගා නිසාදෙවියන්ගේ නුවරේ වැසියන් සතුටට පත් වෙනවා.+තේජසින් පිරුණු, උසස්ම දෙවියන්ගේ ශුද්ධ කූඩාරම ප්‍රීති ඝෝෂා නඟනවා.   ඒ නුවර පරාජය කරන්න කාටවත් බැහැ. මොකද ඒ නුවරේ දෙවියන් ඉන්නවා.+ අලුයම උදා වුණ ගමන්ම ඔහු නුවරේ උදව්වට එනවා.+   ජාතීන් කැලඹුණා. රාජ්‍යයන් බිඳ වැටුණා.දෙවියන් හඬ නඟද්දී පොළොව දිය වෙලා ගියා.+   ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+යාකොබ්ගේ දෙවියන් අපිට රැකවරණය ලබා දෙන බලකොටුවක්.* (සීලාහ්)   ජනයෙනි, යෙහෝවා දෙවියන් කරන්නේ මොනවාද කියලා ඇවිත් බලන්න.ඔහු පොළොවේ කරලා තියෙන පුදුමාකාර දේවල් දිහා ඇස් ඇරලා බලන්න.   පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ ඔහු නවත්තලා දානවා.+ ඔහු දුන්න කඩලා හෙල්ලය කුඩු කරලා දානවා.යුධ රථ* ගිනිබත් කරනවා. 10  ඔහු මෙහෙම කියනවා. “ජනයෙනි, මට යටත් වෙන්න. දෙවියන් මමයි කියලා පිළිගන්න. ජාතීන් හැමෝම මට ගෞරව කරයි.+මුළු පොළොව පුරාම මාව ගෞරවයට පත් වෙයි.”+ 11  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+යාකොබ්ගේ දෙවියන් අපිට රැකවරණය ලබා දෙන බලකොටුවක්.+ (සීලාහ්)

පාදසටහන්

හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
හෝ සමහරවිට, “පලිස්.”