ගීතාවලිය 47:1-9
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න!
දෙවියන්ට සතුටින් ජය නාද නඟන්න!
2 මොකද උසස්ම දෙවියන් වන යෙහෝවාගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්.+මුළු පොළොවේම ශ්‍රේෂ්ඨ රජ ඔහුයි.+
3 දෙවියන් ජනයාව අපිට යටත් කරලා දෙනවා.ඔහුගේ උදව්වෙන් අපි ජාතීන්ව පාගලා දානවා.+
4 අපිට අයිති උරුමය තෝරලා දෙන්නේ දෙවියන්.+දෙවියන් ආදරේ කරන යාකොබ්ට අයිති වටිනාම සම්පතයි ඔහු අපිට දෙන්නේ.+ (සීලාහ්)
5 ජනයා ප්‍රීති ඝෝෂා නඟද්දී දෙවියන් ඉහළට නඟිනවා.හොරණෑ හඬ මැද්දේ යෙහෝවා නැඟ යනවා.
6 දෙවියන්ට ගී ගයන්න.* ප්‍රශංසා ගී ගයන්න.
අපේ රජට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.
7 මොකද මුළු පොළොවේම රජ ඔහුයි.+ප්‍රශංසා ගී ගයන්න. අවබෝධයෙන් වැඩ කරන්න.
8 දෙවියන් ජාතීන්ගේ රජ විදිහට පත් වෙලා.+
ඔහු තමන්ගේ ශුද්ධ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.
9 ජනයාව පාලනය කරන නායකයන් රැස් වෙලා.ඔවුන් රැස් වෙලා ඉන්නේ ආබ්‍රහම්ගේ දෙවියන්ට අයිති සෙනඟ ඉන්න තැනමයි.
මොකද පොළොවේ පාලකයන් ඉන්නේ* දෙවියන් යටතේ.දෙවියන් ඉන්නේ හැමෝටම වඩා ඉහළින්.+