ගීතාවලිය 48:1-14
කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
48 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම කෙනෙක්ගෙම ප්‍රශංසාව ලබන්න වටින දෙවි කෙනෙක්.අපේ දෙවියන්ගේ නුවරේදී, ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට ප්‍රශංසා ලැබේවා!
2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+
3 ඒ නුවරේ බලකොටුවලදී, ඔහු සුරක්ෂිත බලකොටුවක්* කියලාදෙවියන් දැනුම් දීලා තියෙනවා.+
4 රජවරු එකට රැස් වුණා.*ඔවුන් එකතු වෙලා නුවර දෙසට ආවා.
5 ඒත් ඔවුන් නුවර දැක්කාම පුදුමයට පත් වුණා.
ඔවුන් කලබල වෙලා පලා ගියා.
6 ඔවුන් බයෙන් වෙවුලන්න පටන්ගත්තා.දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක්ට දැනෙනවා තරම් වේදනාවක් ඔවුන්ට දැනුණා.
7 දෙවියන් නැඟෙනහිරෙන් කුණාටුවක් එවලා තර්ෂිෂ් නැව් සුනුවිසුනු කළා.
8 අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා.
ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්)
9 දෙවියනි, අපි ඔබේ මාලිගාවට ගිහින්ඔබේ නොසැලෙන ආදරේ ගැන ගැඹුරින් කල්පනා කරනවා.+
10 දෙවියනි, ඔබේ නම ගැනත් ඔබට ලැබෙන ප්‍රශංසා ගැනත්පොළොවේ සීමා දක්වාම අහන්න ලැබෙනවා.+
ඔබ නිතරම ඔබේ බලය පාවිච්චි කරන්නේ හරි දේ කරන්නයි.*+
11 ඔබ දෙන තීන්දු නිසා+ සියොන් කන්ද+ ප්‍රීති වේවා!යූදා අවට පිහිටි නගර* සතුටු වේවා!
12 ජනයෙනි, සියොන් කන්ද වටේ ගමන් කරන්න.ඒක වටේටම ගමන් කරලා ඒකේ බලකොටු ගණන් කරන්න.+
13 ඒකේ තියෙන ආරක්ෂිත පවුරු දිහාත්+බලකොටු දිහාත් හොඳින් බලන්න.
එතකොට ඉදිරි පරම්පරාවටත් ඒ ගැන කියන්න ඔබට පුළුවන් වෙයි.
14 දෙවියන් සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්.+
ඔහු සදහටම* අපිට මඟ පෙන්වයි.+
පාදසටහන්
^ හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
^ හෝ, “කතා කරගත්ත විදිහට එකට රැස් වුණා.”
^ මූ.අ., “ඔබේ දකුණු අත ධර්මිෂ්ඨකමින් පිරිලා.”
^ මූ.අ., “දූවරුන්.”
^ හෝ සමහරවිට, “අපේ ජීවිත කාලේ පුරාම.”