ගීතාවලිය 50:1-23

  • තමාට විශ්වාසවන්තව ඉන්න අයවත් දුෂ්ටයන්වත් දෙවියන් විනිශ්චය කරනවා

    • පූජාවක් මාර්ගයෙන් දෙවියන් ස්ථිර කරපු ගිවිසුම (5)

    • ‘විනිශ්චයකරු දෙවියන්’ (6)

    • සතුන් අයිති දෙවියන්ට (10, 11)

    • දුෂ්ටයන්ගේ ක්‍රියා දෙවියන් හෙළි කරනවා (16-21)

ආසාෆ් රචනා කරපු ගීතයක්.+ 50  දෙවිවරුන්ගෙත් දෙවි යෙහෝවා+ කතා කළා.නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්පොළොවේ ඉන්න හැමෝවම ඔහු කැඳෙව්වා.   සුන්දරත්වයෙන් නොඅඩු සියොන් නුවරෙන්+ නික්මෙන දෙවියන්ගේ ආලෝකය දීප්තියෙන් බැබළෙනවා.   අපේ දෙවියන් අනිවාර්යයෙන්ම එනවා. ඔහු කොහොමටවත් නිහඬව ඉන්නේ නැහැ.+ ඔහු ඉදිරියේ ගින්නක් ඇවිළෙනවා.+දරුණු කුණාටුවක් ඔහු වටේ හමනවා.+   ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+   “මගේ විශ්වාසවන්ත සේවකයන්ව මගේ ඉස්සරහට ගේන්න.පූජාවක් මාර්ගයෙන් ස්ථිර කරපු ගිවිසුමට ඇතුළත් වුණ සෙනඟව එක්කන් එන්න.”+   අහස දෙවියන්ගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරනවා.මොකද විනිශ්චයකරු ඔහුයි.+ (සීලාහ්)   “මගේ සෙනඟෙනි, මම දැන් ඔබට කතා කරනවා. මට සවන් දෙන්න.ඊශ්‍රායෙල්, මම දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙනවා.+ දෙවියන් මමයි. ඔබේ දෙවියන් මමයි.+   මං ඔබට අවවාද කරන්නේ ඔබ නොකඩවාම ඔප්පු කරන පූජා නිසාවත්දවන පූජා නිසාවත් නෙවෙයි.+   ඔබේ ගවපට්ටිවලින් ගවයන්වත්ඔබේ ගාල්වලින් එළුවන්වත් මට අවශ්‍ය නැහැ.+ 10  මොකද කැලේ ඉන්න හැම සතෙක්ම අයිති මටයි.+දහස් ගණන් කඳුවල ඉන්න සත්තු අයිතිත් මටයි. 11  කඳුවල ගැවසෙන හැම කුරුල්ලෙක් ගැනම මම හොඳින් දන්නවා.+තණබිම්වල සැරිසරන දහස් ගණන් සත්තු අයිතිත් මටයි. 12  මට බඩගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැහැ.මොකද සරුසාර පොළොවත් ඒකේ තියෙන හැම දේමත් මගෙයි.+ 13  මම ගොනුන්ගේ මස් කයි කියලවත්එළුවන්ගේ ලේ බොයි කියලවත් ඔබ හිතනවාද?+ 14  ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+ 15  දුක් කරදරවලට ඔබ මුහුණ දෙද්දී මට අඬගහන්න.+ එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+ 16  ඒත් දුෂ්ටයාට දෙවියන් මෙහෙම කියනවා. “මගේ නියෝග ගැන කතා කරන්න ඔබට තියෙන අයිතිය මොකක්ද?+මගේ ගිවිසුම ගැන කතා කරන්න ඔබට අයිතිය දුන්නේ කවුද?+ 17  මොකද ඔබ හික්මවීම්* ප්‍රතික්ෂේප කරනවා.මගේ වදන් ගාණකටවත් ගන්නේ නැහැ.+ 18  ඔබට සොරෙක්ව හමු වුණාම ඔබ ඔහුට හොඳින් සලකනවා.*+ඔබ අනාචාරයේ* යෙදෙන අයත් එක්ක ඇසුරු කරනවා. 19  ඔබේ කටින් ඔබ නපුරු කතා පතුරුවනවා.ඔබේ දිව අග තියෙන්නෙම වංචනික කතා.+ 20  ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අනිත් අයත් එක්ක කතා කරනවා.+ඔබේම මවගේ පුතාගේ වැරදි ප්‍රසිද්ධ කරනවා.* 21  ඔබ මේ දේවල් කරද්දී මම නිහඬව හිටියා.ඒ නිසා ඔබ හිතුවේ මාත් ඔබ හිතන විදිහටම හිතනවා කියලා. ඒත් දැන් මම ඔබට අවවාද කරලාඔබට විරුද්ධව නඩුවක් ගොනු කරනවා.+ 22  දෙවියන්ව අමතක කරන සියල්ලෙනි, මේ දේ හිතට ගන්න.+නැත්නම් මම ඔබව කෑලි කෑලිවලට ඉරලා දානවා.ඔබව බේරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා. 23  පූජාවක් විදිහට මට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන කෙනා මාව ගෞරවයට පත් කරනවා.+ස්ථිරව හරි මඟේ ගමන් කරන කෙනා දෙවියන් දෙන ගැලවීම අද්දකිනවා.”+

පාදසටහන්

හෝ, “මඟ පෙන්වීම්.”
හෝ සමහරවිට, “ඔහුත් එක්ක හවුල් වෙනවා.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “නම කැත කරනවා.”