ගීතාවලිය 51:1-19

  • වැරදි ගැන පසුතැවිලි වෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

    • පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම පව්කාරයෙක් (5)

    • “මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න” (7)

    • “පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න” (10)

    • තැළුණු බිඳුණු හදවතක් දෙවියන් පිළිගන්නවා (17)

සංගීත අධ්‍යක්ෂක වෙත. බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණු දාවිත්ව හම්බ වෙන්න අනාගතවක්තෘ නාතන් ආවාට පස්සේ දාවිත් රචනා කරපු ගීයක්.+ 51  අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+ ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+   මං කරපු වැරදි හෝදලා ඒවා මගෙන් ඉවත් කරන්න.+මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න.+   මං කරපු වැරදි ගැන මං හොඳින්ම දන්නවා.මගේ පාපය මට නිතර නිතර මතක් වෙනවා.+   මම වෙන කාටවත් වඩා පව් කළේ ඔබට විරුද්ධවයි.*+මම කළේ ඔබ දුෂ්ටයි කියලා සලකන දේ.+ ඒ නිසා ඔබ මට කියපු දේ හරි.ඔබ මට දීපු විනිශ්චය සාධාරණයි.+   මං ඉපදෙද්දීම පව්කාරයෙක්.මව්කුසේ මාව පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම මම පව්කාරයෙක්.+   ඔබ සතුටු වෙන්නේ අවංක හිතකින් වැඩ කරන අය ගැනයි.+ඒ නිසා ප්‍රඥාවන්ත හිතක් ඇති කරගන්න මට උදව් කරන්න.   හිසොප්වලින්* මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න.+මගේ වැරදි හෝදලා ඒවා ඉවත් කරන්න.එතකොට මං හිමවලටත් වඩා පවිත්‍ර* වෙයි.+   ආයෙත් ප්‍රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.එතකොට ඔබ බිඳලා දාපු මගේ ඇටකටුවලට සුවයක්* ලැබෙයි.+   මං අතින් වුණ පාපවලින් ඔබේ මූණ ඉවතට හරවගන්න.+මගේ හැම වරදක්ම මකලා දාන්න.+ 10  අනේ දෙවියනි, පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න.+මට ඕනෙ දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.ඒ නිසා මං හිතන විදිහ නිවැරදි කරගන්න මට උදව් කරන්න.+ 11  අනේ, ඔබ ඉස්සරහින් මාව පන්නලා දාන්න එපා.ඔබේ බලය මගෙන් අයින් කරන්නත් එපා. 12  ඔබ දෙන ගැලවීම නිසා දැනෙන සතුට අද්දකින්න මට ආයෙත් අවස්ථාව දෙන්න.+දිගටම ඔබට කීකරු වෙන්න මං තුළ ආශාවක් ඇති කරන්න. 13  වැරදි කරන අයට ඔබේ මාර්ග ගැන මං කියලා දෙන්නම්.+එතකොට පව්කාරයන් ආයෙත් ඔබ ළඟට හැරිලා එයි. 14  මට ගැලවීම දෙන මගේ දෙවියනි,+ අහිංසකයෙක්ගේ ලේ හලපු වරදට මට සමාව දෙන්න.+එතකොට ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන සතුටින් කතා කරන්න මට පුළුවන් වෙයි.+ 15  අනේ යෙහෝවා, කලින් වගේ කතා කරන්න මට ශක්තිය දෙන්න.එතකොට ඔබට ප්‍රශංසා කරන්න මට පුළුවන්.+ 16  ඔබට ඕනෙ, පූජාවක් නෙවෙයි කියලා මම දන්නවා.+එහෙම වුණා නම් මම අනිවාර්යයෙන්ම ඔබට පූජාවක් ඔප්පු කරනවා.දවන පූජාවකිනුත් ඔබ කිසිම සතුටක් ලබන්නේ නැහැ.+ 17  දෙවියනි, ඔබ පූජාවක් විදිහට පිළිගන්නේ බිඳුණු සිතක්.තැළුණු බිඳුණු හදවතක් ඔබ කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ* නැහැ.+ 18  ඔබේ කරුණාව පෙන්වලා සියොන් නුවරට යහපත කරන්න.යෙරුසලමේ පවුරු ආයෙත් ගොඩනඟන්න. 19  එතකොට ධර්මිෂ්ඨ අය ඔප්පු කරන පූජාවලිනුත්දවන පූජාවලිනුත් ඔබ සතුටක් ලබයි.ඔබේ පූජාසනයේ ගොනුන්වත් ඔප්පු කරයි.+

පාදසටහන්

මූ.අ., “මම පව් කළේ ඔබට විරුද්ධව මිසක් වෙන කාටවත් නෙවෙයි.”
මූ.අ., “සුදු.”
මේක පැළෑටි වර්ගයක් හෝ වර්ග කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් හඳුන්වන දේ හරියටම කියන්න බැහැ.
මූ.අ., “සතුටක්.”
හෝ, “හෙළා දකින්නේ.”