ගීතාවලිය 52:1-9

  • දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේ ගැන තියෙන විශ්වාසය

    • කරපු නපුරු දේවල් ගැන පුරසාරම් දොඩන අයට අනතුරු ඇඟවීමක් (1-5)

    • දෙවියන් ගැන විශ්වාසයක් නැති අය විශ්වාසය තියන්නේ වස්තුව මත (7)

සංගීත අධ්‍යක්ෂක වෙත. මස්කිල්.* දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ආවා කියලා ඒදොම්වරයෙක් වුණ දොවෙග් සාවුල්ට දැන්නුවා.+ ඒ සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීතයක්. 52  බලවත් පුරුෂය, දෙවියන්ගේ නොසැලෙන ආදරේ හැමදාමත් පවතිනවා කියලා ඔබ දන්නේ නැද්ද?+ එහෙනම් ඔබ කරන කුරිරු දේවල් ගැන පුරසාරම් දොඩන්නේ ඇයි?+   ඔබේ දිව දැළි පිහියක් වගේ තියුණුයි.ඔබ ඒකෙන් අනුන්ට හානියක් කරනවා.+අනුන්ව රවට්ටන්නත් සැලසුම් කරනවා.+   යහපත් දේවලට වඩා ඔබ කැමති දුෂ්ට දේවලටයි.ඇත්ත කියන එකට වඩා ඔබ කැමති බොරු කියන එකටයි. (සීලාහ්)   ඔබට තියෙන්නේ වංචාවෙන් පිරුණු දිවක්.අනුන්ට හානියක් වෙන දේවල් කියන්න ඔබ මොන තරම් කැමතිද!   ආයෙත් නැඟිටගන්න බැරි වෙන්නම දෙවියන් ඔබව බිමට ඇදලා දාන්නේ ඒ නිසයි.+ඔහු ඔබව ඔබේ කූඩාරමෙන් එළියට ඇදලා දානවා.+ඔහු ඔබව පොළොවෙන් උදුරලා දාලා නැත්තටම නැති කරනවා.+ (සීලාහ්)   ඒක දැක්කාම ධර්මිෂ්ඨයන්ට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වෙයි.+ඔවුන් ඔබට හිනා වෙයි.+   ඔවුන් මෙහෙම කියයි. “මේ මිනිසා දෙවියන්ව ඔහුගේ රැකවරණය* කරගත්තේ නැහැ.+ඔහු විශ්වාසය තිබ්බේ තමන්ගේ වස්තුව මතයි.+ඔහු හිතුවේ ඔහුගේ දුෂ්ට සැලසුම් නිසා ඔහු සාර්ථක වෙයි කියලයි.”*   ඒත් මම දෙවියන්ගේ ගෘහයේ සරුසාරව වැඩෙන ඔලීව ගහක් වගෙයි.දෙවියන්ගේ නොසැලෙන ආදරේ මට හැමදාටම ලැබෙනවා කියලා මට විශ්වාසයි.+   දෙවියන් මං වෙනුවෙන් පියවර ගත්ත නිසා මං සදහටම ඔහුට ප්‍රශංසා කරනවා.+ඔබේ නම මොන තරම් පුදුමාකාරද! මම ඔබේ නම ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ ඒ නිසයි.+ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දකිනවා.

පාදසටහන්

හෝ, “බලකොටුව.”
හෝ, “දුෂ්ට සැලසුම් ඔහුට ආරක්ෂාවක් වෙයි කියලයි.”