ගීතාවලිය 53:1-6

  • අඥානයා වැඩ කරන විදිහ

    • “යෙහෝවා දෙවියන් නැහැ” (1)

    • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

සංගීත අධ්‍යක්ෂක වෙත. මහලත්* ස්වරයෙන් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීයක්. 53  අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා දෙවියන් නැහැ’ කියලා හිතාගෙනයි.+ ඔවුන්ගේ වැරදි ක්‍රියා හරිම දුෂ්ටයි. හරිම පිළිකුල්.යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+   දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.+යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන,අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+   ඒත් යහපත කරන කිසිම කෙනෙක් නැහැ.එක් කෙනෙක්වත් නැහැ.+ හැම කෙනෙක්ම දුෂ්ටයි.ඔවුන් හරි දේ කරන එක අත්හැරලා ගිහින්.   ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද? ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා. ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.+   ඒත් ඔවුන්ගේ හිත් බයෙන් සලිත වෙයි.කවදාවත් අද්දැකපු නැති විදිහේ බයක් ඔවුන්ට දැනෙයි.*මොකද දෙවියන් ඔහුගේ සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු සීසීකඩ විසුරුවනවා. යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කරපු නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.   ඊශ්‍රායෙලයේ ගැලවීම සියොන් වෙතින් ලැබෙන්න කියලා මම පතනවා.+ වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දීයාකොබ් සතුටු වෙන්න! ඊශ්‍රායෙල් ප්‍රීතියෙන් ඉපිල යන්න!

පාදසටහන්

හෝ සමහරවිට, “බයක් නැතුව ජීවත් වුණ තැන්වලදී ඔවුන්ට බයක් දැනෙයි.”