ගීතාවලිය 54:1-7

  • සතුරන්ගෙන් වට වෙලා ඉන්න කෙනෙක් කරන යාච්ඤාවක්

    • “දෙවියන් මගේ උදව්වට ඉන්නවා” (4)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* ෂිප් නගරයේ ජීවත් වුණ අය ඇවිත් “දාවිත් දැන් හැංගිලා ඉන්නේ අපේ පැත්තේ” කියලා සාවුල්ට කිව්ව එක ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+ 54  අනේ දෙවියනි, ඔබේ නමට එකඟව වැඩ කරලා මාව ගලවගන්න.+ඔබේ බලය පාවිච්චි කරලා මං වෙනුවෙන් සටන් කරන්න.*+   දෙවියනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+මං කියන දේට සවන් දෙන්න.   මං නාඳුනන අය මට විරුද්ධව නැඟී ඉන්නවා.හිතක් පපුවක් නැති මිනිසුන් මාව මරන්න හොයනවා.+ ඔවුන්ට දෙවියන් ගැන කිසිම ගෞරවයක් නැහැ.*+ (සීලාහ්)   ඒත් දෙවියන් මගේ උදව්වට ඉන්නවා.+මගේ පැත්තේ ඉන්න අයටත් යෙහෝවා උදව් කරනවා.   දෙවියන් මගේ සතුරන්ගේ කුරිරුකම් ඔවුන් පිටටම ගේනවා.+දෙවියනි, ඔබ විශ්වාසවන්තයි. ඒ නිසා මගේ සතුරන්ව විනාශ කරලා දාන්න.*+   මම කැමැත්තෙන්ම ඔබට පූජා ඔප්පු කරනවා.+ යෙහෝවා දෙවියනි, ඔබේ නම මොන තරම් ප්‍රසන්නද! ඒ නිසා මම ඔබේ නමට ප්‍රශංසා කරනවා.+   හැම විපතකින්ම ඔබ මාව බේරගන්නවා.+මගේ සතුරන් වැටිලා යන හැටි මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා.+

පාදසටහන්

හෝ, “මට යුක්තිය ඉටු කරලා දෙන්න.”
හෝ, “දෙවියන් ඔවුන් ඉස්සරහා ඉන්නවා කියලා ඔවුන්ගේ මතකයෙවත් නැහැ.”
මූ.අ., “නිහඬ කරන්න.”