ගීතාවලිය 55:1-23

  • යාළුවෙක් ද්‍රෝහි වුණ නිසා කරපු යාච්ඤාවක්

    • කිට්ටු යාළුවෙක් කවටකම් කරයි (12-14)

    • ‘ඔබේ හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න’ (22)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීතයක්. 55  අනේ දෙවියනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+මට දයාව පෙන්වන්න කියලා මං කන්නලව් කරද්දී අහක බලන් ඉන්න එපා.*+   මට ඇහුම්කන් දීලා මට උත්තර දෙන්න.+මගේ හිතට වධ දෙන ප්‍රශ්නේ නිසා මට කිසිම සැනසීමක් නැහැ.+මගේ හිත හොඳටම කැලඹිලා.   මොකද සතුරා මට විරුද්ධව කතා කරනවා.දුෂ්ටයා මට හැම පැත්තෙන්ම පීඩා කරනවා. ඔවුන් දිගින් දිගටම මගේ හිතට වේදනා දෙනවා.කේන්තියෙන් පුපුර පුපුර මට අනතුරක් කරන්න බලන් ඉන්නවා.+   මගේ හදවත වේදනාවෙන් දැවෙනවා.+මරණ බය මාව වෙළාගෙන.+   සතුරා මාව මරයි කියන බයට මගේ හදවත වේගයෙන් ගැහෙනවා.මගේ මුළු ඇඟම වෙවුලනවා.   මට හැම තිස්සේම මෙහෙම හිතෙනවා. “අනේ, මට පරෙවියෙක්ට වගේ පියාපත් තිබුණා නම්! මම ආරක්ෂිත තැනකට ඉගිල්ලිලා යනවා.   මම දුර ඈත තැනකට ඉගිල්ලිලා යනවා.+ පාළුකරයට ගිහින් හැංගිලා ඉන්නවා.+ (සීලාහ්)   සැඩ සුළඟිනුත් කුණාටුවෙනුත් බේරිලාඉක්මනින්ම ආරක්ෂිත තැනකට යනවා.”   යෙහෝවා දෙවියනි, ඔවුන්ව වියවුලට පත් කරන්න.ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කරන්න.*+මොකද නුවරේදී මිනිස්සු ගහමරාගන්න විදිහ මම දැකලා තියෙනවා. 10  ඔවුන් රෑ දවල් දෙකේම නුවරේ පවුරු උඩ සැරිසරනවා.දුෂ්ටකම් සහ කෝලහලවලින් මුළු නුවරම පිරිලා ගිහින්.+ 11  බලන බලන තැන විනාශ වෙලා.දවස තිස්සේම ප්‍රධාන හන්දියේ ඉන්න මිනිස්සුඅනුන්ට වංචා කරනවා, හිංසා කරනවා.+ 12  මට කවටකම් කරන්නේ මට අකමැති කෙනෙක් නම්+මේ දුක මට දරාගන්න පුළුවන්. මට විරුද්ධව එන්නේ මගේ හතුරෙක් නම්ඔහුගෙන් හැංගිලා ඉන්න මට පුළුවන්. 13  ඒත් මට එහෙම කරන්නේ මං වගේම මිනිසෙක්.+මාව හොඳින්ම අඳුරන, මගේම යාළුවෙක්.+ 14  අපි අතරේ තිබුණේ හරිම කිට්ටු යාළුකමක්.සෙනඟත් එක්ක එකතු වෙලා අපි දෙන්නාත් දෙවියන්ගේ ගෘහයට යන්න පුරුදු වෙලා හිටියා. 15  මගේ හතුරන් ඉන්න හැම තැනකම වෙන්නේ දුෂ්ටකම්. ඔවුන්ගේ හිත් දුෂ්ටකම්වලින් පිරිලා. ඔවුන් පිටට විනාශය පැමිණේවා!+ඔවුන්ට පණපිටින්ම මිනී වළට යන්න සිද්ධ වේවා! 16  ඒත් මම උදව් ඉල්ලලා දෙවියන්ට හඬගසනවා.එතකොට යෙහෝවා මාව ගලවගන්නවා.+ 17  මං විඳින වේදනාව නිසා රෑ දවල් දෙකේම මගේ දුක කියකිය මම අඬනවා.+දෙවියන්ටත් මගේ හඬ ඇහෙනවා.+ 18  ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක් මට විරුද්ධව සටන් කරන්න ඇවිත් ඉන්නවා.+දෙවියන් ඔවුන්ගෙන් මාව බේරගෙන මගේ හිතට සහනයක් දෙනවා. 19  අතීතයේ ඉඳන් සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියන්+මගේ හඬ අහලා ඔවුන්ට දඬුවම් කරනවා.+ (සීලාහ්) මොකද දෙවියන් ගැන කිසිම ගරුබියක් නැති ඔවුන්+තමන්ගේ ජීවිත වෙනස් කරගන්න කොහොමටවත් කැමති නැහැ. 20  ඔහු* තමාගේ යාළුවන්ට විරුද්ධව අත ඉස්සුවා.+තමන් වුණ පොරොන්දුව කඩ කළා.+ 21  ඔහුගේ වචන අහගෙන ඉන්න හරිම ප්‍රියයි.*+ඒත් ඔහුගේ හිත වෛරයෙන් පිරිලා. ඔහුගේ කටින් පිට වෙන වදන් හරිම මිහිරියි.*ඒත් ඒවා තියුණු කඩු වගේ.+ 22  ඔබේ හිතේ තියෙන හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න.*+ඔහු ඔබව ශක්තිමත් කරනවා.+ ඔහු කවදාවත් ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ 23  ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයවඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+ ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+ ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.

පාදසටහන්

හෝ, “මං උදව් ඉල්ලද්දී මගෙන් සැඟවිලා ඉන්න එපා.”
හෝ, “ඔවුන් කියන වචන නොතේරෙන්න සලස්වන්න.”
මෙතන “ඔහු” කියන්නේ 13, 14 පදවල කතා කරන, ගීතිකාකරුගේ යාළුවෙක් වෙලා හිටපු කෙනා ගැනයි.
මූ.අ., “තෙල්වලටත් වඩා සුමුදුයි.”
මූ.අ., “බටර්වලටත් වඩා සුමුදුයි.”
මූ.අ., “යෙහෝවා දෙසට වීසි කරන්න.”
මූ.අ., “ආයු කාලයෙන් භාගයක්වත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.”