ගීතාවලිය 56:1-13

  • පීඩා අද්දකිද්දී කරපු යාච්ඤාවක්

    • “මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි” (4)

    • “මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ” (8)

    • “මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?” (4, 11)

සංගීත අධ්‍යක්ෂක වෙත. “දුර ඈතක ඉන්න නිහඬ පරෙවියා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* පිලිස්තිවරු දාවිත්ව ගාත්වලදී අල්ලගත්ත සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීයක්.+ 56  අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මොකද මිනිස්සු මගේ ඇඟට කඩන් පනිනවා.* ඔවුන් දවස පුරාම මට විරුද්ධව සටන් කරකර මට පීඩා කරනවා.   මගේ සතුරෝ දවස පුරාම මාව හපා කන්න හදනවා.හුඟක් අය උඩඟු විදිහට මාත් එක්ක සටන් කරනවා.   මට බයක් දැනෙන ඕනෙම වෙලාවක+ මං ඔබ ගැන විශ්වාසය තියනවා.+   මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි.ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා. මම විශ්වාස කරන්නේ දෙවියන් ගැනයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ. දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+   දවස තිස්සේම ඔවුන් මගේ පෞද්ගලික දේවලට ඇඟිලි ගහලා ප්‍රශ්න ඇති කරනවා.ඔවුන්ගේ එකම අරමුණ මට අනතුරක් කරන්නයි.+   ඔවුන් හැංගිලා ඉඳලා මට පහර දෙන්න බලන් ඉන්නවා.මං යන එන තැන් දිහා ඇහැගහගෙන ඉන්නවා.+ඔවුන්ට ඕනෙ මගේ ජීවිතය නැති කරලා දාන්නයි.+   දෙවියනි, ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න. ඔබේ කේන්තිය පිට කරලා සෙනඟට දඬුවම් කරන්න.+   මං පලා යන හැම තැනක් ගැනම ඔබ සෝදිසියෙන් ඉන්නවා.+ අනේ දෙවියනි, මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න.+ ඔබ ඒ හැම කඳුළක්ම ගණන් කරලා ඔබේ ලියවිල්ලේ සටහන් කරලා තියෙනවා.+   මං ඔබෙන් උදව් ඉල්ලන දවසේදී සතුරන් මගෙන් පලා දුවයි.+ එක දෙයක් ගැන මට නිසැකයි. ඒ, ඔබ මගේ පැත්තේ ඉන්නවා කියන එක.+ 10  දෙවියන්ව මට විශ්වාසයි. ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා.යෙහෝවාව මං විශ්වාස කරනවා. ඔහු කියන දේවල් නිසා මං ඔහුට ස්තුති කරනවා. 11  මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.+ දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+ 12  දෙවියනි, ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්න මං බැඳිලා ඉන්නවා.+මම ඔබට ස්තුති පූජා ඔප්පු කරනවා.+ 13  මොකද ඔබ මාව මරණයෙන් බේරගත්තා.+මට වැටෙන්න ඉඩ දුන්නෙත් නැහැ.+ඔබ එහෙම කළේ, දිගටම ජීවත් වෙලා*ඔබට සේවය කරන්න මට අවස්ථාව දෙන්නයි.+

පාදසටහන්

හෝ, “මාව හපා කන්න හදනවා.”
මූ.අ., “මෙලොව එළිය දකින අය අතරේ.”