ගීතාවලිය 57:1-11

  • කරුණාව පෙන්වන්න කියලා කරන ඉල්ලීමක්

    • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබමින් (1)

    • සතුරන් ඔවුන් කපන වළේම වැටෙනවා (6)

සංගීත අධ්‍යක්ෂක වෙත. මික්ටැම්.* “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. සාවුල්ගෙන් බේරෙන්න ගල් ගුහාවකට පලා ගිය අවස්ථාව ගැන දාවිත් රචනා කරපු ගීයක්.+ 57  අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට අනුකම්පා කරන්න.මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+කරදර නැති වෙලා යන කල් මං ඔබේ පියාපත් සෙවණේ ඉන්නවා.+   උසස්ම දෙවියන්ට මම හඬගසනවා.මගේ දුක් කරදරවලට අවසානයක් ගේන සැබෑ දෙවියන්ගෙන් මම උදව් ඉල්ලනවා.   ඔහු ස්වර්ගයේ ඉඳන් මට උදව් කරලා මාව බේරගන්නවා.+ මාව හපා කන්න හදන මගේ සතුරාට සාර්ථක වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. (සීලාහ්) ඔහුගේ නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් පෙන්වලා ඔහු මට උදව් කරයි.+   සිංහයෝ මාව වට කරගෙන.+මට නිදාගන්න වෙලා තියෙන්නේ මාව ගිලගන්න හදන මිනිසුන්අතරේ.ඔවුන්ගේ දත් හරියට හෙල්ල සහ ඊතල වගේ.ඔවුන්ගේ දිව්, තියුණු කඩු වගේ.+   දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+   මාව අල්ලගන්න ඔවුන් දැලක් එළනවා.+ඔවුන් නිසා මං හොඳටම කලකිරිලයි ඉන්නේ.+ ඔවුන් මං යන පාරේ වළක් කපනවා.ඒත් ඔවුන් කපන වළේ වැටෙන්නේ ඔවුන්මයි.+ (සීලාහ්)   දෙවියනි, මගේ හිත වෙනස් වෙලා නැහැ.+ඔබ ගැන මට තියෙන විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මං සංගීතය වාදනය කරලා දිගටම ඔබට ගී ගයනවා.   මං මගේ හිත අවදි කරනවා. මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා. මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.+   යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරනවා.+ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයනවා.*+ 10  මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා. 11  දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”