ගීතාවලිය 58:1-11

  • මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඉන්නවා

    • දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා කරන යාච්ඤාවක් (6-8)

සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* දාවිත් රචනා කරපු ගීයක්. 58  මනුෂ්‍යයෙනි, නිහඬව ඉඳලා ධර්මිෂ්ඨ දේවල් ගැන කතා කරන්න පුළුවන්ද?+ ඔබ සාධාරණව විනිශ්චය කරන්නේ කොහොමද?+   ඔබ හිතහිත ඉන්නෙම දුෂ්ට දේවල් ගැනයි.+දේශය පුරාම දරුණු දේවල් කරන්න ඔබ අතහිත දෙන්නේ ඒ නිසයි.+   දුෂ්ටයෝ වැරදි පාරේ යන්නේ ඉපදුණ දවසේ ඉඳන්මයි.ඉපදුණු මොහොතේ ඉඳන්ම ඔවුන් අයාලේ යනවා, බොරු කියනවා.   ඔවුන්ගේ විසකුරු වදන් සර්ප විෂ වගේ.+ඔවුන් ඉන්නේ කිසි දෙයක් ඇහෙන්නේ නැති ගාණට,හරියට කන් වහගෙන ඉන්න නාගයෙක් වගේ.   නයි නටවන්නන්ගේ හඬට ඌ කන් දෙන්නේ නැහැ.කොයි තරම් දක්ෂ විදිහට මැතුරුවත් නාගයා ඔවුන් ළඟට ඇදී යන්නේ නැහැ.   අනේ යෙහෝවා, දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න. සිංහයන්* වගේ ඉන්න ඔවුන්ගේ හකු බිඳලා දාන්න.   ගහගෙන යන ජල ධාරා වගේ ඔවුනුත් ඉක්මනින්ම නොපෙනී යන්න ඕනේ! දෙවියන්ගේ දුන්නෙන් විදින ඊතලවලින් ඔවුන් වැටී යන්න ඕනේ!   ඔවුන් දිය වෙලා යන ගොළුබෙල්ලෙක් වගෙත්මෙලොව එළිය නොදැක මිය ගිය බිලිඳෙක් වගෙත් වෙන්න ඕනේ!   ලිපේ තියෙන වළඳට දර කෝටුවල රස්නය දැනෙන්නත් කලින්දෙවියන් කුණාටුවක් එවලා අමු දරත් ඇවිළෙන දරත් සීසීකඩ යවයි.+ 10  දුෂ්ටයන්ට ලැබෙන දඬුවම දැකලා ධර්මිෂ්ඨයා ප්‍රීති වෙයි.+දුෂ්ටයාගේ ලෙයින් ඔහුගේ පාද නැහැවිලා තියෙයි.+ 11  ඒක දැකලා මිනිසුන් මෙහෙම කියයි.“ධර්මිෂ්ඨයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.+ පොළොවේ මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවා.”+

පාදසටහන්

හෝ, “කේශර සිංහයන්.”