ගීතාවලිය 59:1-17

  • දෙවියන් පලිහක්. බලකොටුවක්

    • “එක ද්‍රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා” (5)

    • “මම ඔබේ ශක්තිය ගැන ගී ගයනවා” (16)

සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* සාවුල්ගේ පිරිස දාවිත්ව මරලා දාන්න ඔහුගේ නිවස ළඟ රැකගෙන හිටියා. ඒ ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+ 59  අනේ දෙවියනි, මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.+මට හානියක් කරන්න බලන් ඉන්න අයගෙන් මාව ආරක්ෂා කරන්න.+   දුෂ්ටයන්ගෙන් මාව බේරගන්න.දාමරිකයන්ගෙන්* මාව ගලවගන්න.   ඔවුන් මාව අල්ලගන්න බලන් ඉන්නවා.+බලවත් අය මට පහර දෙනවා.ඒත් යෙහෝවා, ඔවුන් එහෙම කරන්නේමං වරදක් කරපු නිසාවත් කැරලිගහපු නිසාවත් නෙවෙයි.+   මං වරදක් කළේ නැතත් ඔවුන් මට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මං ඔබට හඬගසද්දී, ඇවිත් ඔවුන් මට කරන දේ බලන්න. මගේ උදව්වට එන්න.   ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔබයි.+ ඒ නිසා නැඟිටලා ජාතීන් කරන දේවල් දිහා බලන්න. ඔවුන්ට විරුද්ධව පියවර ගන්න. එක ද්‍රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා.+ (සීලාහ්)   ඔවුන් හැමදාම හැන්දෑවට මාව හොයාගෙන නුවරට එනවා.+බල්ලන් වගේ ගොරව ගොරව*+ ගොදුරක් හොයමින් නුවර පුරා ඇවිදිනවා.+   ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+   ඒත් යෙහෝවා, ඔබ ඔවුන් දිහා බලලා හිනා වෙනවා.+ඔබ ඒ හැම ජාතියක්වම විහිළුවට ලක් කරනවා.+   මගේ ශක්තිය වන ඔබ පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+මොකද ඔබ මට ආරක්ෂාව දෙන බලකොටුවක්.*+ 10  මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් මගේ උදව්වට එනවා.+මගේ සතුරන්ගේ පරාජය දකින්න ඔහු මට අවස්ථාව දෙනවා.+ 11  දෙවියනි, එකපාරින්ම ඔවුන්ව මරලා දාන්න එපා.ඔබේ ශක්තිය පෙන්වලා ඔවුන්ට ඉබාගාතේ යන්න සලස්වන්න.අපේ පලිහ වන යෙහෝවා, ඔවුන්ගේ බලය නැති කරලාම දාන්න.+ එතකොට ඔබ ඔවුන්ට කරපු ඒ දේ මගේ සෙනඟට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 12  ඔවුන්ගේ කටින් පිට වෙන්නේ දුෂ්ට වචන.ඔවුන් අනුන්ට ශාප කරනවා. අනුන්ව රවට්ටනවා.ඔවුන්ගේ උඩඟුකම ඔවුන්ටම උගුලක් වේවා!+ 13  ඔබේ කේන්තිය පෙන්වලා ඔවුන්ව විනාශ කරන්න.+එක් කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැතුව ඔවුන්ව නැති කරලාම දාන්න.එහෙම කරලා යාකොබ්ගෙත් මුළු පොළොවෙත් රජ ඔබයි කියලා ඔවුන්ට පෙන්වන්න.+ (සීලාහ්) 14  හැන්දෑවට ඔවුන් මාව හොයාගෙන ආපුදෙන්!බල්ලන් වගේ ගොරව ගොරව ගොදුර හොයමින් නුවර පුරා ඇවිද්දදෙන්.+ 15  කන්න දෙයක් හොයහොය ඇවිදින්න ඔවුන්ට ඉඩහරින්න!+කාලා බඩ පුරවගන්නවත් රාත්‍රිය ගත කරන්න තැනක් හොයාගන්නවත් ඔවුන්ට ඉඩ දෙන්න එපා! 16  ඒත් මම ඔබේ ශක්තිය ගැන ගී ගයනවා.+උදෑසනින් නැඟිටලා ඔබේ නොසැලෙන ආදරය ගැන සතුටින් කතා කරනවා. මොකද ඔබ මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවක්.+විපත්ති කාලවලදී හැංගිලා ඉන්න පුළුවන් සුරක්ෂිත ස්ථානයක්.+ 17  මගේ ශක්තිය වන ඔබට මම ප්‍රශංසා ගී ගයනවා.*+මොකද දෙවියන් මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවක්.මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් ඔහුයි.+

පාදසටහන්

හෝ, “ලේ හලන්න ආසාවෙන් ඉන්න අයගෙන්.”
හෝ, “බුරබුර.”
හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”