ගීතාවලිය 60:1-12

  • දෙවියන් සතුරන්ව පරාජය කරනවා

    • මිනිසුන් ගැලවීම දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි (11)

    • ‘අපිට ශක්තිය ලබා දෙන්නේ දෙවියන්’ (12)

සංගීත අධ්‍යක්ෂක වෙත. “මතකය අවදි කරන ලිලී මල” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* උගන්වන්න පාවිච්චි කරන ගීයක්. දාවිත් ආරම්නාහරායිම් සහ ආරම්ෂෝබාවල අයත් එක්ක සටන් කරකර ඉද්දී යෝවාබ් ආයෙත් ලුණු නිම්නයට ගිහින් ඒදොම්වරු 12,000කට පහර දුන්නා.+ ඒ ගැන දාවිත් රචනා කරපු ගීතයක්. 60  දෙවියනි, ඔබ අපිව ප්‍රතික්ෂේප කළා. අපිව පරාජය කළා.+ ඔබ අපිත් එක්ක කේන්තියෙන් හිටියා.අනේ දෙවියනි, දැන් ආයෙත් අපිව පිළිගන්න.   ඔබ පොළොව දෙදරුම් කන්න සලස්වලා ඒක දෙබෑ කළා. අනේ දෙවියනි, පොළොවේ කැඩිලා බිඳිලා ගිය තැන් ආයෙත් ගොඩනඟන්න.ඒක කඩා වැටෙන්න දෙන්න එපා.   ඔබ ඔබේ සෙනඟට දුක් විඳින්න සැලැස්සුවා. ඔබ අපිට වයින් පොවපු නිසා අපි වැනිවැනී යනවා.+   ඔබට ගරුබිය දක්වන අයටසතුරන්ගේ ඊ පහරින් බේරිලා යන්න උදව් වෙන ලකුණක් පෙන්වන්න.* (සීලාහ්)   එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.දෙවියනි, අපිට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+   ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා. “මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර උරුමයක් විදිහට දෙනවා.+සුක්කොත් නිම්නය* බෙදලා දෙනවා.+   මනස්සේ වගේම ගිලියද් අයිතිත් මටයි.+එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.*යූදා මගේ රාජ යෂ්ටියයි.+   මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+ මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+ පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+   වටලපු* නුවර අල්ලගන්න මට උදව් කරන්නේ කවුද? ඒදොම් වෙන කල්ම මාව අරගෙන යන්නේ කවුද?+ 10  අපේ දෙවියනි, ඒ දේ කරන්නේ ඔබයි. ඒත් ඔබ දැන් අපිව අත්හැරලා දාලා.කලින් වගේ ඔබ අපේ හමුදාවට උදව් කරන්න එන්නෙත් නැහැ.+ 11  අනේ දෙවියනි, විපත්ති කාලේදී අපිට උදව් කරන්න.මොකද මිනිසුන් අපිට ගැලවීම ලබා දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි.+ 12  අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්.+ඔහු අපේ සතුරන්ව පාගලා දානවා.+

පාදසටහන්

හෝ සමහරවිට, “ලකුණක් පෙන්වලා තියෙනවා.”
හෝ සමහරවිට, “දෙවියන් ඔහුගේ ශුද්ධස්ථානයේ ඉඳන්.”
හෝ, “තැනිතලාව.”
මූ.අ., “බලකොටුවයි.”
හෝ සමහරවිට, “බලකොටු තියෙන.”