ගීතාවලිය 61:1-8

  • දෙවියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවක්

    • ‘මම ඔබේ සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා’ (4)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීයක්. 61  අනේ දෙවියනි, මගේ කන්නලව්වට සවන් දෙන්න. මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+   මගේ හදවත වේදනාවෙන් පිරිලා තියෙද්දී*දුර ඈතක හිටියත් මම ඔබට හඬගසනවා.+ දෙවියනි, උස් පර්වතයකට මාව ගෙනියන්න.+   මොකද ඔබ මගේ රැකවරණයයි.සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවයි.+   මම හැමදාමත් ඔබේ ආදරේ, සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා.*+ඔබේ පියාපත් සෙවණේ සැඟවිලා රැකවරණය ලබනවා.+ (සීලාහ්)   දෙවියනි, මං දීපු හැම පොරොන්දුවක්ම ඔබ අහගෙන හිටියා. ඔබේ නමට ගරුබිය දක්වන අයට දෙන උරුමය ඔබ මටත් දුන්නා.+   ඔබ රජුගේ ආයු කාලය වැඩි කරනවා.+පරම්පරා ගණනාවක් ගෙවිලා ගියත් ඔහු ජීවත් වෙනවා.   ඔහු සදහටම දෙවියන් ඉස්සරහා සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.*+ඔබේ විශ්වාසවන්තකමත් නොසැලෙන ආදරයත් පෙන්වලා ඔහුව ආරක්ෂා කරන්න.+   එතකොට මම ඔබට වුණ පොරොන්දු හැම දවසකම ඉටු කරනවා.+සදහටම ඔබේ නමට ප්‍රශංසා ගී ගයනවා.*+

පාදසටහන්

හෝ, “මං අධෛර්යය වෙලා ඉද්දී.”
ගීතිකාකරු මෙතන කතා කරන්නේ ආරාධිත අමුත්තෙක් ලබන සැලකිල්ල ගැනයි.
හෝ, “දෙවියන් ඉස්සරහා ඉන්නවා.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”